මුද්‍රණය සඳහා

 
ශ්‍රී ලංකාවට  කියුබාවෙන්  උපරිම සහාය

ශ්‍රී ලංකාවට  කියුබාවෙන්  උපරිම සහාය

ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබාදෙන බව කියුබානු රජය පවසයි.

කියුබානු ජනාධිපති රාහුල් කස්ත්‍රෝ මහතාගේ එම පණිවිඩය ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනී තර්ෂියා කස්ත්‍රෝ ගුවේරා මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව පැවැසුවේ ඊයේ (29) ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා හමුවූ අවස්ථාවේදීය.

ඉදිකිරීම් අමාත්‍යාංශයේදී පැවැති මේ හමුවේදී ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනිය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවට එල්ල කරනු ලබන අසත්‍ය මානව හිමිකම් චෝදනා තම රජය ප්‍රතික්ෂේප කරන අතර ශ්‍රී ලංකාවට තම රටේ උපරිම සහාය ලබා දෙන බවයි.

ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එය පරාජය කිරීමට කියුබාව ඇතුළු මිත්‍රශිලී රටවල් රැසක් සූදානමින් සිටින බවද ඇය පැවැසුවාය.

මෙහිදී අදහස් දැක්වූ ඇමැති විමල් වීරවංශ මහතා කියා සිටියේ තම රටට ලබාදෙන සහයෝගය සම්බන්‍ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේත්, ශ්‍රී ලංකා රජයෙත් රට වැසියන්ගේත් විශේෂ ස්තූතිය කියුබාවට හිමිවන බවයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]