ප්‍රධාන මාර්ගයට හා කැලණිවැලි මාර්ගයට අද සිට බලවේග කට්ටල 4ක්

ප්‍රධාන මාර්ගයට හා කැලණිවැලි මාර්ගයට අද සිට බලවේග කට්ටල 4ක්

මගීන්ගේ ගමන් පහසුව සඳහා ප්‍රධාන මාර්ගයට හා කැලණිවැලි මාර්ගයට බලවේග කට්ටල දුම්රිය හතරක් අද (01) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.20 ට පිටත්වන බලවේග කට්ටල දුම්රියක් පස්වරු 4.35 ට වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ළඟාවනු ඇතැයි දුම්රිය ගමනා ගමන අධිකාරී එල්. ඒ. ආර්. රත්නායක මහතා පවසයි.

පස්වරු 5.30 ට වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත්වන බලවේග කට්ටල දුම්රියක් පස්වරු 6.42 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවේ. කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 7 ට කැලණිවැලි මාර්ගයේ ධාවනයට එක්වන බලවේග කට්ටල දුම්රියක් රාත්‍රී 8.09 හෝමාගම දුම්රිය ස්ථානයට ළඟා වේ.

හෝමාගම දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 8.30 පිටත්වන දුම්රියක් රාත්‍රී 9.53 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතය.

මීට අමතරව ප්‍රධාන මාර්ගයේ පෙරවරු 9ට හා පස්වරු 6.10 ට මහව සන්දිය බලා ධාවනය වන බලවේග කට්ටල දුම්රිය දෙක අද සිට මැදිරි දහයකින් සමන්විතව ධාවනයට එක්කරන බවද රත්නායක මහතා දිනමිණට පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා