ගම්පහ හදිසි විදුලි බිඳ වැටීම් සකස් කිරීමට වැඩපිළිවෙළක්

ගම්පහ හදිසි විදුලි බිඳ වැටීම් සකස් කිරීමට වැඩපිළිවෙළක්

විදුලිය බිඳවැටීම් වහා සක්‍රීය කිරීමේ වැඩපිළිවෙළ පහසු කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ විදුලි උප ඩිපෝවන්හි දුරකතන මාර්ග කිරිබත්ගොඩ ප්‍රධාන කාර්යාලයට සම්බන්ධ කර සංග්‍රහශීලී සේවාවක් ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත.

මෙම වැඩපිළිවෙළ යටතේ ගම්පහ, ජාඇල, වත්තල, රාගම, කිරිල්ලවල, දූනගහ, මීරිගම සහ දිවුලපිටිය උප ඩිපෝවන්හි දුරකතන මාර්ග මේ වනවිට කිරිබත්ගොඩ ප්‍රධාන කාර්යාලය හා සම්බන්ධ කර ඇති අතර සෙසු ඩිපෝවන්ද ළඟදීම මෙම වැඩපිළිවෙළ යටතට ගැනීමට නියමිතය. ගම්පහ දිසාවේ විදුලිය උප ඩිපෝ සංඛ්‍යාව 18 කි.

මේ අනුව විදුලි උප ඩිපෝවන් වෙත විදුලිය බිඳ වැටීම් ඇතුලුව කෙරෙන සියලු පැමිණිලි හා දැනුම්වත් කිරීම් ප්‍රධාන කාර්යාලයට ක්ෂණිකව දැනගත හැකිය.

ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම සඳහා වහාම අදාළ ඒකක හා උපකාර්යාල වෙත යොමු කර පසු විපරම් කරමින් සාර්ථක විදුලි සැපයීමක් නොකඩවා ලබාදීමට විදුලිබල මණ්ඩලය ගන්නා උත්සාහය සාර්ථක කර ගැනීමට සහාය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

විදුලිය බිඳ වැටීම් පිළිබඳව දැනුම්දීමේදී එහි වත්මන් තත්ත්වය පිළිබඳව ප්‍රධාන කාර්යාලයෙන් පැමිණිලිකරුවන් දැනුම්වත් කෙරෙන අතර එම වැඩපිළිවෙළ වඩාත් වැදගත් වන බව විදුලි පාරිභෝගිකයෝ පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා