බුද්ධික අද විනය කමිටුව හමුවට

බුද්ධික අද විනය කමිටුව හමුවට

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක මහතා එක්සත් ජාතික පක්ෂ විනය කමිටුව හමුවට කැඳවා තිබේ. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද සවස 5.00ට කැඳවා ඇති අතර ශිරාල් ලක්තිලක මහතා මාර්තු මස 13 වැනිදා සවස 3.00ට කැඳවා තිබේ.

විනය කමිටුව හමුවට එන ලෙස පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට දන්වා ඇතත් ශිරාල් ලක්තිලක මහතාට චෝදනා පත්‍රයක් ද එවා ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා