කප්රුක පුරවර වැඩසටහන රඹුක්කන වැරැල්ලපත දී

කප්රුක පුරවර වැඩසටහන රඹුක්කන වැරැල්ලපත දී

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති “කප්රුක පුරවර වැඩ සටහන” රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ වැරැල්ලපත වල්කොටුව ප්‍රදේ්ශයේ දී පසුගියදා පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

සබරගමු පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහත්වරුන්ගේ ආරාධනයෙන් පුෂ්පකුමාර මහතා ප්‍රධාන අමුත්තා ලෙස එක්ව සිටියේය.

මේ වැඩසටහන තුළදී පොල් ආශි‍්‍රත නිෂ්පාදන ප්‍රදර්ශනයක් ද ඇමැතිවරයා අතින් විවෘත කෙරිණි.

මෙහිදී ප්‍රදේශයේ කප්රුක සමිති සඳහා පොල් පැළ ලබාදීම, පොල් ආශි‍්‍රත නිෂ්පාදන ක්‍රියාවලියේ නියළී සිටින ස්වයං රැකියා ලාභීන්ට ණය ආධාර මත (ඩිමෝ බට්ටා) වාහන ලබාදීම ද සිදු කැරිණි.

මෙහිදී ජගත් පුෂ්පකුමාර මහතා මෙසේ පැවසීය.

අපේ රටේ පොල් හිඟය පියවා ගැනීම සඳහා කප්රුක පුරවර වැඩ සටහන අතිගරු ජනාධිපතිතුමන් හඳුන්වා දුන්න. දැන් එහි නියම ප්‍රතිඵල භුක්ති විඳිනවා.

පොල් සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දමයන්ති කරුණාරත්න, කෑගල්ල කළමනාකාර පී. ඒ. සෙනවිරත්න, රඹුක්කන පොල් සංවර්ධන නිලධාරී ජී. ජී. යූ. ඩබ්ලිව්. බණ්ඩාර මහත්වරු ද මේ අවස්්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා