|
||
නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනේ සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය
අද යම් යම් පිරිස් කෑගැසුවත්, පාරට බැස්සත්, ස්ට්‍රයික් කළත්, මොනවා කළත් ශ්‍රී ලංකාව ආර්ථික අතින් පුදුමාකාර විදිහට ඉදිරියට ගමන් කර ඇති බව මුළු ලෝකයම පිළිඅරන් තිබෙනවා. එම නිසා සුළු පිරිසක් එක්ව කරන කලබල වලට නොරැවටී ඉවසීමෙන් කටයුතුª කරන ලෙස මේ රටේ ගෞරවනීය බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි අගමැති දි. මු ජයරත්න මහතා නිට්ටඹුවේ දී පැවසීය. නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන් විහාරාධිපති ප්‍රවීණාචාර්ය නිට්ටඹුවේ ධම්මසිරි නාහිමියන් වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය පදවියේ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය නිමිත්තෙන් (16 දා) එම විහාරස්ථානයේ පැවති උත්සවයේ දී අගමැතිවරයා එසේ කීය. මහෝපාධ්‍යාය පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අගමැති දි. මු. ජයරත්න මහතා අතින් සිදුවිය. අගමැතිවරයා මෙසේ ද පැවැසීය. බුදු හාමුදුරුවෝ උපන් දඹදිව අද නටබුන් විතරයි. බුද්ධාගම නෑ. පාකිස්ථානයේ බුද්ධ ධර්මය උගැන්වූ විශ්වවිද්‍යාලය අදත් තියෙනවා. පැරැණි පොත් පත් ද තියෙනවා. නමුත් බුද්ධාගම නෑ. ලෝකයේ විශාලතම බුදු පිළිම තියෙන ඇෆ්ගනිස්ථානයේත් අද බුද්ධාගම නෑ. නමුත් මිහිඳු හාමුදුරුවෝ බුද්්ධාගම ගෙනා ශ්‍රී ලංකාවේ අවුරුදු 2555 ක් තිස්සේ බුද්ධාගම ආරක්ෂා වෙලා තියෙනවා. ඒ මහා සංඝරත්නය නිසායි. මහා සංඝරත්නය නොහිටියා නම් අපට රට, ජාතිය, භාෂාව, ආගම් නැහැ. ඒ නිසා මහා සංඝරත්නය ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම වගකීමයි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |