මුද්‍රණය සඳහා

 
ජාතික ජිම්නාස්ටික් සූරතාව නව ටොරින්ටන් පිලට

ජාතික ජිම්නාස්ටික් සූරතාව නව ටොරින්ටන් පිලට

25 වැනි ජාතික ජිම්නාස්ටික් තරඟයේ සමස්ත පිරිමි සූරතාව නව ටොරින්ටන් ක්‍රීඩා සමාජයටත් සමස්ත කාන්තා සූරතාව තරුණ ක්‍රිස්තියානි ජිම්නාස්ටික් සමාජයටත් හිමි විය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී මෙම ජාතික තරඟය පැවැත්විණි. ක්‍රීඩා සමාජ 15 ක් හා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 700 දෙනෙකු පමණ ඊට සහභාගි වූහ.

පිරිමි අනුසූරතාව මිත්‍රත්ව ක්‍රීඩා සමාජයටත් කාන්තා අනු සූරතාව සක්සස් ක්‍රීඩා සමාජයටත් හිමි විය. පිරිමි තුන්වැනි ස්ථානය මාතර ජිම්නාස්ටික් ක්‍රීඩා සමාජය හිමිකර ගත් අතර කාන්තා තුන් වැනි ස්ථානය හිමිකර ගන්නා ලද්දේ මිත්‍රත්ව ක්‍රීඩා සමාජය මගිනි.

දක්‍ෂතම ක්‍රීඩකයා වූයේ තරිඳු සම්පත් පතිරණ ය. රිද්මා සමනලී ගුණතිලක දක්‍ෂතම ක්‍රීඩිකාව වූවා ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]