පොලිසියට එරෙහිව පොලිසියෙන්ම පෙත්සම්

පොලිසියට එරෙහිව පොලිසියෙන්ම පෙත්සම්

පොලිස් සේවයේ නියුතු නිලධාරීන් විශාල ප්‍රමාණයකට එරෙහිව පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකයට පෙත්සම් ලැබී තිබේ. මේ පෙත්සම් වැඩි ප්‍රමාණයක් එවා තිබෙන්නේ පොලිස් සේවයේ නියුතු ඇතැම් පොලිස් නිලධාරීන් විසින්ම බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

කොළඹ අවට රාජකාරිවල යෙදෙන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ගණනාවක්ද එම පෙත්සම් චෝදනාවලට ලක්ව තිබේ. පොලිස් සේවයේ නියුතුව සිටියදී එම පොලිස් නිලධාරීන් සිදුකළැයි කියන දූෂණ වංචා ඇතුළු විනය විරෝධී වැඩ එම පෙත්සම්වල සඳහන් වෙයි.

පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය මඟින් එම චෝදනාවලට ලක්ව ඇති පොලිස් නිලධාරීන් ගණනාවකට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇත.

කැපී පෙනෙන රාජකාරියේ යෙදී සිටින කිහිප දෙනකුට එරෙහිවද පෙත්සම් ලැබී ඇති අතර විභාගයට ලක්වූ පෙත්සම් ගණනාවක් ව්‍යාජ තොරතුරු ඇතුළත් ඒවා බවද හෙළි වී ඇත.

මෙවැනි පෙත්සම් බොහෝ විට පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ප්‍රමාද වීමටද හේතු වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා