අපි නැතිබැරි කමත්, කුමන්ත්‍රණත් සෙභාග්‍යයෙන් ගිල්වා දමන්න සූදානම් වෙමු

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2012 පෙබරවාරි 04 ඔයාමඩුවේ දී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ජනපති නියෝගයෙන් ධීවර
ඉන්ධන සහනාධාර වැඩිවේ

* එක් දින යාත්‍රාවකට භූමිතෙල් ලීටර් 350ක්

* බහුදින යාත්‍රාවකට ඩීසල් ලීටර් 2600ක්

ධීවරයන්ට මෙතෙක් ලබා දුන් ඉන්ධන සහනාධාරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) නියෝග කළේය.මේ අනුව එක්දින සහ බහුදින ධීවර යාත්‍රා සඳහා මෙතෙක් ලබා දුන් ඉන්ධන සහනාධාරය ලීටර් 100 කින් ඉහළ දැමීමට නියමිතය.

විස්තර »

ත්‍රස්තවාදීන්ගේ සියලු චෝදනා
ජිනීවාහි දී බිඳ වැටෙයි

ශ්‍රී ලංකා නියෝජිත පිරිසට මාධ්‍ය හමුවක දී
ලැබුණු කදිම අවස්ථාවක්

ත්‍රස්තවාදී කණ්ඩායම්වලින් එල්ලවූ සියලු බොරු චෝදනා බිඳ හෙළීමට ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවක දී රජයේ නියෝජිත පිරිස සමත්වී තිබේ. ජිනීවා නුවරට ශ්‍රී ලංකාවෙන් ගිය විශේෂ මාධ්‍ය නියෝජිතයකු වූ ශවේන්ද්‍ර ෆර්ඩිනෑන්ඩු මහතා මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනියට මෙසේ කියා සිටියේය.

විස්තර »

බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සංවිධාන කරන මෙඩිකෙයාර් 2012 ජාතික සුව සේවා ප්‍රදර්ශනය ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය අතින් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ඊයේ (2) විවෘත කෙරිණි.
ඡායාරූපය රංජිත් අසංක

නිදහස් ශ්‍රී ලංකාවකට චීනයේ අඛණ්ඩ සහාය

ශ්‍රී ලංකාවේ නිදහස, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරැකීමට දරන ප්‍රයත්නයේදී අඛණ්ඩව සහාය ලබාදෙන බව චීනය අවධාරණය කරයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ සිදුවන සමාජ හා...

විස්තර »

මේ තීරණාත්මක අවධියේ රට පිළිබඳ හැඟීමෙන් කටයුතු කළ යුතුයි

- මල්වතු පාර්ශ්වයේ මහ නාහිමි

මේ තීරණාත්මක අවස්ථාවේ සියලු දෙනාම රට පිළිබඳ හැඟීමකින් කටයුතු කළ යුතු යැයි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියෝ ප්‍රකාශ කරති. සියලු භේද පසෙකලා රටේ නිදහස හා ස්වාධීනත්වය වෙනුවෙන් එක මතයක සිට කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමක් බවද උන්වහන්සේ අවධාරණය කරති.

විස්තර »

ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන්
අස්ථාවර කිරීමේ උත්සාහයක්

දෙමළ ඊළම සහිත සාමයක් බලා පොරොත්තු වූ අධිරාජ්‍යවාදීන්ට ලැබුණේ දෙමළ ඊළම රහිත සාමයක් බැවින් ඔවුන් වෛරයෙන් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමට කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක , ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා පැවසීය.

විස්තර »

ශ්‍රී ලංකාව අවසන් තරගයට

සී.බී. කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග වටයට පිවිසීමට අවශ්‍යව තිබූ ජයග්‍රහණය සතුකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 9 කින් ඕස්ට්‍රේලියාව පරාජයට පත් කළහ.

විස්තර »

එජා කාර්යාලය ඉදිරිපිට මුස්ලිම් ජනතාව විරෝධය පළ කරති

ඇමරිකාව ඇතුළු බටහිර බලවේගවල අතපෙවීම්වලට එරෙහිව ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව ඊයේ (02) එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරතවූහ. කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියේ...

විස්තර »

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ධීවර සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (02) අරලියගහ මන්දිරයේදී පැවැති අවස්ථාව. ධීවර ඇමැති රාජිත සේනාරත්න සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නියෝමාල් පෙරේරා සහ සරත් කුමාර ගුණරත්න මහත්වරු මෙහි වෙති.

ඡායාරූපය - සුදත් සිල්වා

 
ජීවිත සිය දහස් ගණන් වළ පල්ලට දැමූ
රටට එරෙහි කොටි හිතවාදී බල වළකමු
ඕනැම බලවේගයකට කෙලින් මූණ දෙමූ
අප ඉපදුණු මේ මවු බිම පණ මෙන් රැකගමු
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast