මුද්‍රණය සඳහා

 
ත්‍රස්තවාදීන්ගේ සියලු චෝදනා ජිනීවාහි දී බිඳ වැටෙයි

ත්‍රස්තවාදීන්ගේ සියලු චෝදනා ජිනීවාහි දී බිඳ වැටෙයි

ශ්‍රී ලංකා නියෝජිත පිරිසට මාධ්‍ය හමුවක දී ලැබුණු කදිම අවස්ථාවක්

ත්‍රස්තවාදී කණ්ඩායම්වලින් එල්ලවූ සියලු බොරු චෝදනා බිඳ හෙළීමට ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවක දී රජයේ නියෝජිත පිරිස සමත්වී තිබේ. ජිනීවා නුවරට ශ්‍රී ලංකාවෙන් ගිය විශේෂ මාධ්‍ය නියෝජිතයකු වූ ශවේන්ද්‍ර ෆර්ඩිනෑන්ඩු මහතා මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනියට මෙසේ කියා සිටියේය.

විශේෂයෙන් රජයේ නියෝජිත පිරිසේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා මාධ්‍යවේදීන්ට තේරුම්කර දී ඇත්තේ “එල්. ටී. ටී. ඊ. සංවිධානය සම්බන්ධව පමණද ඔබලාගේ කනගාටුව, අනෙක් අය ගැන කනගාටුව නැත්ද” යනුවෙනි. ඊට උත්තරයක් හෝ දීගන්න මාධ්‍යවේදීන්ට හැකිවී නැත.

හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා ඉතා පැහැදිලි උත්තරයක් මෙහිදී දී ඇති අතර ත්‍රස්තවාදීන්ට හිතවාදී කණ්ඩායම් මේ කරන ක්‍රියා කිසිම තේරුමක් නැති බවද ඒ මහතා අවධාරණය කර තිබේ. එල්. ටී. ටී. ඊ. හිතවාදී කණ්ඩායම් කිසිවක් නොදන්නා අයුරින් රජයේ කණ්ඩායමෙන් ප්‍රශ්න කර ඇති අතර ඔවුන්ගේ ප්‍රති උත්තර හමුවේ සියලු චෝදනා අභූත ඒවා බව අදාළ කණ්ඩායම්වලට පිළිගැනීමට සිදුවී තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කරන්නේද යන්න තවමත් අවිනිශ්චිත තාවක් පවතින බව දැනගන්නට තිබේ. පැය දෙකක් පුරා ත්‍රස්තවාදී හිතවාදී කණ්ඩායම්වලින් එල්ලවූ සියලු චෝදනා බිඳ හෙළීමට රජයේ නියෝජිත පිරිස සමත්වූ බව මාධ්‍යවේදී චමින්ද ෆර්ඩිනෑන්ඩු තවදුරටත් කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]