ජාතික තරුණ ප්‍රතිපත්තිය මේ වසරේ දී

ජාතික තරුණ ප්‍රතිපත්තිය මේ වසරේ දී

ජාතික තරුණ ප්‍රතිපත්තියක් මේ වසරේ දී එළිදැක්වීමට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.  මේ වන විට එම ප්‍රතිපත්තිය සකස් කරමින් තිබෙන බවත්, ඒ සඳහා කතිකාවතක් සමාජයේ ගොඩනැඟෙමින් පවතින බවත්, තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා දිනමිණට පැවසීය.

මේ රටේ පැවති කැරලි තුනක් අවසාන වී තිබෙන මොහොතක තරුණ පිරිසගේ අවශ්‍යතාව හොඳින් හඳුනාගනිමින් මේ වැඩපිළිවෙළ සකස් කිරීමට පියවර ගත් බව හෙතෙම කීවේය. මේ ප්‍රතිපත්තිය සැකසීමට තරුණයන්ගේ අදහස් යෝජනා ලබා ගැනීමටද විවෘත බවද පෙරේරා මහතා අනාවරණය කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා