නිදහස් ශ්‍රී ලංකාවකට චීනයේ අඛණ්ඩ සහාය

නිදහස් ශ්‍රී ලංකාවකට චීනයේ අඛණ්ඩ සහාය

ශ්‍රී ලංකාවේ නිදහස, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරැකීමට දරන ප්‍රයත්නයේදී අඛණ්ඩව සහාය ලබාදෙන බව චීනය අවධාරණය කරයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ සිදුවන සමාජ හා ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය මැනවින් අවබෝධ කරගෙන සිටින බවද චීනයේ ආරක්ෂක ඇමැති ලියන්ග් ගුවන්ග්ලි ලියන් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගිය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ බීජිං නුවරදී පැවැති විශේෂ හමුවකදීය. මේ අතර චීනයේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන සහයෝගය පිළිබඳ චීන ආරක්ෂක ඇමැතිවරයා සිය ප්‍රසාදය පළකර තිබේ.

මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීමේන් දෙරටේ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම මෙන්ම දෙරටේ හමුදාවන් අතර සන්නිවේදන සබඳතා වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවද හෙතෙම පෙන්වාදී තිබේ. ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන සබඳතා ඈත අතීතයකට දිවයන බව පෙන්වාදී තිබෙන ඒ මහතා දෙරටේ ඵෙතිහාසික මෙන්ම පොදු අපේක්ෂාවන් පවතින බවද සඳහන් කර ඇත.

ඊට අමතරව ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වසර 55 ක් තරම් ඈත අතීතයකට යන බවයි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද ගැටුම් පැවැති සමයේදී මෙන්ම රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීනය ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා චීනය වෙත සිය ප්‍රසාදය පළකර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා