කතරගම මැණික් නිධියට ආරක්ෂිත වැටක් හා කැමරා පද්ධතියක්

කතරගම මැණික් නිධියට ආරක්ෂිත වැටක් හා කැමරා පද්ධතියක්

තම්මැන්නාව, කතරගම මැණික් නිධිය සහිත ප්‍රදේශය අවට ආරක්ෂාව හා නිරීක්ෂණ කටයුතු පහසු කිරීම සඳහා විශේෂිත ආරක්ෂක වැටක් සහ කැමරා පද්ධතියක් සවි කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු යොදා තිබේ.

මේ වන විට මැණික් පතලේ කැණීම් කටයුතු සාර්ථකව සිදු කෙරෙන බවත් ලොව ඕනෑම ස්ථානයක සිට එම මැණික් කැණීම් කටයුතු නිත්‍යානුකූලව සිදු කෙරෙනවාද යන්න පිළිබඳ මේ කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන බව අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතා “දිනමිණ” ට පැවැසීය.

මේ වැඩපිළිවෙළ හරහා නීතිමය ආරක්ෂාව ලැබෙන අතර එමඟින් අධිකාරියේ අධීක්ෂණ කටයුතු පහසු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේ ය. මැණික් නිධියෙන් 95% ක් වෙන්දේසි කිරීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් වෙත ලබා දුන් ඉතිරි 5% ක ප්‍රමාණය ප්‍රදේශයේ කණ්ඩායම් තුනකට ලබා දීමට ප්‍රාදේශීය ලේකම්වරයා තීරණය කර ඇති බවත් එයට අදාළ එකඟතා ගිවිසුම ඊයේ (02) අස්සන් තැබූ බවද සභාපතිවරයා පැවැසීය.

කතරගම මැණික් නිධියෙන් හමු වන නව මැණික් අන්තර්ජාතික වශයෙන් “කතරගම නිල් මැණික් “ (Katharagama Blue gems) ලෙස නම් කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කළ බවත් ඒ සඳහා අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇති අතර මැණික් නිරීක්ෂණය කිරීම සඳහා අමෙරිකාවේ විශේෂඥයන් පිරිසක් මේ වන විට පැමිණ සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා