නමක් නැති මරණ සහතිකයක්

නමක් නැති මරණ සහතිකයක්

මෙතෙක් කලක් නොදුටු ආකාරයේ හදිසි මරණ පරීක්ෂක වාර්තාවක් පුත්තලම දිස්ත්‍රික්කයේ එක්තරා උප්පැන්න මරණ රෙජිස්ට්‍රාර් මහතකු වෙත ලැබීමේ පුවතක් “දිනමිණ”ට වාර්තා විය. මෙම මරණ වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ මාරවිල ඕතර පළාත උතුර හදිසි මරණ පරීක්ෂක මහතෙකි.

මියගොස් ඇත්තේ වසර දෙකහමාරක මන්ද බුද්ධික සිංහල ගැහැණු දරුවෙකි. මරණය සිදුවී ඇත්තේ දෙදහස් එකොළහේ නොවැම්බර් මස එකළොස් වනදින දුන්කන්නාව සුවර්ණදාම ළමා නිවාසයේදීය. දරුවාගේ මවුපියන්ගේ නම් හෝ මියගිය දරුවාගේ නම හෝ මරණ පරීක්ෂක තැනගේ වාර්තාවේ දක්වා නැත.

මරණයට හේතුව ආහාර ගැනීමට නොහැකිවීම බව සඳහන් කර ඇත. මියගියේ කව්ද? යන්න නොදක්වා මා කෙසේ මරණ සහතිකයක් නිකුත් කරන්නද යන්න රෙජිස්ට්‍රාර් මහතාට ගැටලුවක්ව පවතින බව ඒ මහතා ප්‍රකාශ කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා