කහවත්ත රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශය වැසෙයි

කහවත්ත රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශය වැසෙයි

වෛද්‍යවරුන් අතර ඇති වූ ප්‍රශ්නයක් නිසා කහවත්ත මූලික රෝහලේදී දරුවන් ප්‍රසූත කිරීමට රෝහලට ඇතුළත් වී සිටි මව්වරුන් වෙනත් රෝහල්වල වෙත යවනු ලැබූහ. ඊයේ 2 වනදා සිට දරු ප්‍රසූතියට ගැබිනි මව්වරුන් ඇතුළත් කිරීම ද නතර කර තිබේ.

කහවත්ත මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශය සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරිය සමග තවදුරටත් සේවය කිරීමට නොහැකි නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස තමන් රාජකාරි නොකර විරෝධය පළ කරන බව වෛද්‍යවරුන් තිදෙනකු බලධාරින්ට දැනුම් දී තිබේ.

විශේෂඥ වෛද්‍යවරිය වෙනුවට විශේෂඥ වෛද්‍යවරයකු හෝ වරියක ලබා දෙන ලෙස ප්‍රසව හා නාරිවේද අංශයේ වෛද්‍යවරුන් තිදෙනකුගේ ඉල්ලීම වී තිබේ. කාලයට අමතරව සේවයේ යෙදීම , බැන වැදීම වැනි කරුණු නිසා අදාළ විශේෂඥ වෛද්‍යවරිය යටතේ තවදුරටත් සේවය කිරීමට නොහැකි බව අනෙක් වෛද්‍යවරුන් පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා