මුද්‍රණය සඳහා

 
රඹුක්කන මීදුම ලෙන් විහාරයේ ඓතිහාසික ගල් අසුනට ආරක්‍ෂිත පියස්සක් ඕනෑ

රඹුක්කන මීදුම ලෙන් විහාරයේ ඓතිහාසික ගල් අසුනට ආරක්‍ෂිත පියස්සක් ඕනෑ

රඹුක්කන මීදුම ලෙන් විහාර භූමියේ ඇති ඓතිහාසික ගල් අසුන ආරක්‍ෂා කිරීමට පියස්සක් ඉදිකර දෙන ලෙස ප්‍රදේ්ශවාසීහු ඉල්ලති. පූජනීය වස්තුවක් ලෙස පිළිගෙන ඇති මේ ගල් ආසනය මතු පරපුරට ද දැක බලා ගැනීමට ආරක්‍ෂා කළ යුතුව ඇත. අඩි 10 ක් හා අඟල් 6 කින් යුක්ත වන අතර, පළල අඩි 4 අඟල් 6 කි.

මේ ඓතිහාසික වටිනාකමක් ඇති ගල් ආසනය වට කර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආවරණ වැටක් ඉදිකර ඇති අතර එය අව් වැසිවලට තෙමී වේළී මළ කමින් පතුරු ගැලවී විනාශව පවතී.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඇද බැඳ තබා ගන්නා ආකාරයට කණු මත සෙවිලි කළ වහළක් ඉදිකර දෙන ලෙස විහාරාධිපති පාරඹේ රතනපාල හිමියෝ ඉල්ලති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]