මුද්‍රණය සඳහා

 
වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරීහු 58කට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරීහු 58කට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරීන් 58 දෙනකුට මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

මේ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුට ද නියෝජ්‍ය පොලිස්පතිවරුන් 35කටද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 12කටද, පොලිස් අධිකාරිවරුන් 08දෙනකුටද, මෙම ස්ථාන මාරුවීම ලබා දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වංචා විමර්ශන කොමිසම, විශේෂ ආරක්ෂක දිසාව, ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය, රාජ්‍ය බුද්ධි හා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාස හා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය යන අංශ සඳහා නව පොලිස් අධිකාරීවරුන් පත්කර ඇත.

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය සඳහාද නියෝජ්‍ය පොලිස්පතිවරුන් අලුතින් පත්කර ඇත. මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අශෝක විජේතිලක හා එස්.කේ. සංකර් යන මහත්වරුන්ට ද මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සේවා අවශ්‍යතා මත මෙම මාරුවීම් සිදුවූවක් බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]