ප්‍රජාතාන්ත්‍රිකව පිහිටුවා ගත් රජයක් වෙනස් කළ හැක්කේ මහජනතාවට පමණි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
තිස්සමහාරාමයේදී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

කහවත්ත ද්විත්ව ඝාතනය

සැකකරුවන් ගැන ආරංචි වී ජනතාව නගරය දෙවනත් කරති

නිවාස හතරක් ගිනි තබලා

පොලිසිය සමඟත් ගැටෙති

තත්ත්වය පාලනයට STF යොදවයි

රට තුළ මහත් ආන්දොලනයට ලක්වූ කහවත්ත කොටකෙතල ගම්මානයේදී 52 හැවිරිදි මව සහ 18 හැවිරිදි පාසල් දියණිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගත්තේ යැයි කියන ආරංචියක් පැතිර යාමත් සමඟම ඊයේ (07) ප්‍රදේශයේ ජනතාව ඝාතකයන්ට විරෝධය පළකරමින් කහවත්ත නගරයේ උණුුසුම් තත්ත්වයක් ඇති කළහ. ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවකුගේ නිවෙසක් සහ තවත් නිවාස තුනක් ගිනි තබා නගරයේ ටයර් පුළුස්සමින් ගිනි ජාලා සහිත මහත් කළබලයක් ඇති කළ අතර පොලිසිය සමඟද ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවන්නට විය.

විස්තර »

බදු විසිහත හතට බස්සයි

වසර 2005 දී මෙරටේ බදු වර්ග 27 ක් ක්‍රියාත්මක වූ බවත්, එය මේ වන විට බදු වර්ග 7 ක් දක්වා අඩු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියා කළ බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා දිනමිණ ට ප්‍රකාශ කෙළේය. මෙරට බදු ක්‍රමයේ පැවැති සංකීර්ණතා දුරු කරමින් එහි සරල කිරීමක් සිදු කිරීමට ජනාධිපතිතුමා පියවර ගත්තේ නව ව්‍යවසායක පරපුරක් බිහි කිරීමට අතදීමක් ලෙස බවත් ආචාර්ය ජයසුන්දර මහතා පෙන්වා දුන්නේය.

විස්තර »

හිස මත තිබෙන බර බිම තබනා දාට
හිත ඇති දුක් කඳුළු වියළී යන දාට
දූගෙ හෙට දවස පැහැපත් වෙන දාට
සැක නැත අපට ඉර හඳ පායන වාට


සංකල්පනාව - කසුරි ඡායාරූපය - විමල් කරුණාතිලක

ආර්ථික හා සමාජයීය සංවර්ධනයට කාන්තා දායකත්වය ප්‍රසංශනීයයි

- ජනපති

ශ්‍රී ලාංකීය සමාජය තුළ විශිෂ්ට ස්ථානයක් හිමිකර ගෙන සිටින කාන්තාව රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය වෙනුවෙන් ප්‍රශංසනීය මෙහෙවරක් ඉටුකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. කාන්තාවගේ ආරක්ෂාව සහතික කිරීම රටක ජන සමාජය විසින් අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් බව පෙන්වා දෙන ඒ මහතා, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් මෙසේ ද සඳහන් කරයි. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් මෙහෙයවන 2012 ජාත්‍යන්තර කාන්තා දින උළෙල වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම මහත් සතුටකි.

විස්තර »

කාන්තා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් කැපවෙමු

-අගමැති

කාන්තාවගේ ගෞරවය, ජීවීතාරක්ෂාව මෙන්ම මානසික සුවය සලසා දියහැකි දීර්ඝකාලීන ජාතික වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍යම මොහොතකට එළැඹ ඇති බව අගමැති දි.මු ජයරත්න මහතා පැවසීය. රජයේ පාර්ශවයෙන් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන අතර, සමාජීය සමස්ත ජාතියම එම මෙහෙවර සඳහා අත්වැල් බැදගත යුතු බව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත්කරමින් හෙතෙම එසේ ප්‍රකාශ කළේය. එම නිවේදනයේ මෙසේද සඳහන් විය.

විස්තර »

ඓතිහාසික රුවන්වැලි මහා සෑයේ වාර්ෂික හුණු පිරියම් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (7) සිදු කෙරුණු අයුරු. රුවන්වැලි සෑ විහාරාධිකාරී පල්ලේගම හේමරතන හිමි, ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන, උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය - නලින් හේවාපතිරණ

 
රටට එරෙහි වී එනකොට ඊට එරෙහි වෙයල්ලා
පක්ෂ භේද ජාති භේද කුණු කූඩෙට දමල්ලා
කූඹි වගේ එකමුතු වී රජා පස්සෙ වරෙල්ලා
තමන් උපන් රට වෙනුවෙන් ඉදිරියටම යමල්ලා
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast