‘අපට හුඟක් වාසියි’ තානාපතිනි තමරා විශ්වාසය පළ කරයි

‘අපට හුඟක් වාසියි’ තානාපතිනි තමරා විශ්වාසය පළ කරයි

ශ්‍රී ලංකාවේ වාසියට මානව හිමිකම් කොමිසමේ වාතාවරණය නිර්මාණය වී තිබේ. එහෙත් තවත් වැඩසටහන් රාශියක් කරන්නට ඉතිරිව තිබේ. අප ඉදිරිපත් කළ තර්කවල වැදගත්කම බලන විට මට ලොකු විශ්වාසයක් තිබේ. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එම අදහස් පළකරන්නේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපතිනි තමරා කුනනායගම් මහත්මියයි.

අප සතු ශක්තිය අධි තක්සේරුවට හෝ අඩු තක්සේරුවකට ලක් නොවිය යුතුය. අන්තිම මිනිත්තුව දක්වා සටන අත් නොහළ යුතු යැයිද ඒ මහත්මිය කියා සිටී. ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරනු ලබන කිසියම් යෝජනාවක් වේ නම් එහි අවසාන නිගමනය වන්නේ මානව හිමිකම් කවුන්සිලය දේශපාලනීයකරණය වීමයි. එය කඩාදැමිය යුතු යැයිද කුනනායගම් මහත්මිය කියා සිටී.

ජනාධිපතිතුමාගේ සහ රජයේ ප්‍රතිපත්ති ගරුකභාවය සහ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ අප්‍රතිහත ධෛර්යය නිසා සියලු දෙනාගේ සහාය ලබා ගැනීමට හැකි වී ඇති බවද තානාපතිනිය ප්‍රකාශ කළාය.

සංහිඳියාව සම්බන්ධ ප්‍රතිපත්තියේදී අප ඉදිරිපත් කළ තර්කවලට බොහෝ දෙනා අප හා එකඟ වී සිටී. එහෙත් එක්සත් ජාතීන්ගේ වැඩපිළිවෙළ අනුව අන්තිම මොහොත වනතුරු ජයග්‍රහණය කෙරෙහි විශ්වාසය තැබිය නොහැක. ඒ නිසා ඡන්දය එළැඹෙන තුරු වාඩි වී ගිමන් හැරීමට අපට නොහැකි බවද කුනනායගම් මහත්මිය ප්‍රකාශ කර සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා