දිවි නැඟුම’ තෙවැනි අදියරට සමගාමීව අවුරුදු පොළක්

දිවි නැඟුම’ තෙවැනි අදියරට සමගාමීව අවුරුදු පොළක්

‘‘දිවි නැඟුම’ ජාතික සංවර්ධන වැඩපිළිවෙළේ තෙවැනි අදියරට සමඟාමීව අවුරුදු පොළ පැවැත්වීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්තියට අනුව කුඩා හා මධ්‍යම පරිමාණයේ දේශීය ගෘහස්ථ කර්මාන්තකරුවන් දිරිගැන්වීම හා පාරිභෝගිකයන්ට ලාබදායීව දේශීය නිෂ්පාදන මිලට ගැනීමේ පහසුකම ඇති කිරීම සඳහා දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම මේ අවුරුදු පොළ පැවැත්වෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙහි අලෙවි කුටි වෙන් කිරීම ඒ ඒ ප්‍රදේශයන්හි සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මාර්ගයෙන් සිදු කෙරෙන අතර මේ සඳහා සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය හා සමූපකාර දෙපාර්තමේන්තුව අනුග්‍රහය දක්වන බවද එම අමාත්‍යාංශය කියයි. එළඹෙන අප්‍රේල් මාසයේ මුල් සතියේ සිට ආරම්භ වන මේ අවුරුදු පොළ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර අවසන් කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා