මරණ දැන්වීම්




 

චන්ද්‍රා දිසානායක - විශ්‍රාමලත් සැලසුම් අධ්‍යක්ෂිකා (ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ හා යෞවන හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය) ගුණරත්න දිසානායක (විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂක - සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව) ගේ භාර්යාව වූද, පුබුදු (සම්පත් බැංකුව - ප්‍රධාන කාර්යාලය) හා දුමිෂ්කා (Orange HRM)  ගේ මෑණියන් වූද, මංජරි (කේරි විද්‍යාලය - ආචාරිණී) ගේ නැන්දණිය වූද චන්ද්‍රා දිසානායක මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් අවසාන කටයුතු 2012 මාර්තු 08 වන බ්‍රහස්පතින්දා සවස 5.30 ට ගම්පහ කසගහවත්ත සුසාන භූමියේදී සිදුකෙරේ. 066435

දීපාල් විජයරත්න මහතා (නීතිඥ ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයෙහි සහකාර අධ්‍යක්ෂක ජනරාල්) ඉනෝකාගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, දිනිති (ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය - බම්බලපිටිය) සහ දිනෙත් ගේ සදාදරණීය පියාණන්වූද, නන්ද සහ මානෙල් විජයරත්නගේ ආදර පුතණුවන් වූද, සමන්ති (එක්සත් රාජධානිය), ලතිකා, සහ සමිත (ඇමෙරිකා එක්සත් ජනපදය) ගේ ළයාදර සොහොයුරු වූද නැසීගිය ලෙනාඩ් ගුණතිලක මහතාගේ සහ ඔලිව් ගුණතිලක මැතිණියගේ බෑණනුවන් වූද, මහින්ද පුංචිහේවා, පි‍්‍රයංගා මූණසිංහ සහ රන්ජිත් සහ ෂෙහාරා ඇඹුල්දෙණියගේ මස්සිනා වූද නීතිඥ දීපාල් විජයරත්න මහතා අභාවප්‍රාප්ත විය. අවමංගල පෙරහැර ගල්කිස්ස ටෙම්පලර්ස් පාරෙන් හැරී ශ්‍රී සත්තිස්සර මාවතේ අංක 17/4 හි පිහිටි නිවසින් 2012 මාර්තු 8 වන දින බ්‍රහස්පතින්දා පස්වරු 4.15 ට පිටත්වේ. ආදාහනය එදින ප.ව. 5.00 ට ගල්කිස්ස සුසාන භූමියේදී සිදු කෙරෙනු ඇත. 066036

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා