බසයේ ඉඩ අවහිර වීම වැළැක්වීමට එළවළු කූඩය හිස මත රඳවාගෙන

බසයේ ඉඩ අවහිර වීම වැළැක්වීමට එළවළු කූඩය හිස මත රඳවාගෙන

කූඩ අයින්කරන්නැයි කොන්දොස්තර කියද්දී ජෙමානිස්ට යකා නැගලා

එක්තරා නගරයක සතිපොළ දිනයක මෙය සිදුවී ඇත. මෙම නගරයෙන් අවට ගම්මානවලට ධාවනය කිරීමට යොදා ඇත්තේ බොහෝ විට එක් බස් රථයකි. අද වැනි දිනයක මගීන් ගමන් කරන්නේ කිටි කිටියේ පොරකමිනි. අවට ගම්මාන වල සිටින ජනතාවගේ සියලුම අවශ්‍යතාවන් මිලදී ගැනීමට මෙම සතිපොළට රොක් වෙති. සතියට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන යෑමට භාවිතා කරන්නේ තරමක් විශාල බෑගයක් හෝ කූඩයකි.

බඩු පුරවා ගත් භාජනය තමා අසලින් තබා ගෙන පාර අවහිර නොකරන ලෙසට කොන්දොස්තරවරයා මොර හඬ නගති. මගියාට මෙය ඇසුනද කිසිවක් නොකියා නිහඬ වනවා මිස වෙන කළ යුතු දෙයක් නැත.

එදින එමානිස් ද පොළට පැමිණියේ බිරිය ලියා දුන් බඩු ලැයිස්තුව ගෙන යෑමටයි. මොහුද තරමක් විශාල කූඩයක්ද රැගෙන සිටියේය. පොළ සැම තැනම ඇවිදිමින් අඩු මුදලට බඩු ලබාගත හැකි තැන් සොයා තමන්ට අවශ්‍ය බඩු කූඩයේ පුරවා ගත්තේය.

බසය පිටත්වීමට තව කාලයක් ඇති බැවින් පදික වේදිකාවේ තිබූ පෙට්ටි කඩයක් තුළට ගිය එමානිස් හකුරු කෑල්ලක් සමග තේ කහට කෝප්පයක්ද පානය කළේය.

බඩු පුරවාගත් කූඩය ඔසවා ගත් එමානිස් බස් රථය වෙත පැමිණියේය.

‘අන්කල් කූඩ අරගෙන නම් බස් එකට ගොඩවෙන්න එපා.... හරිද...

‘ඉතින් තමුසෙ කියන්නෙ මට පයින් යන්න කියලද...’

එමානිස් ඉතා අමාරුවෙන් බස් රථයට ගොඩ විය. වට පිට බැලුවේය. පිටුපස අසුන කෙළවර ඉඩක් ඇති බව දුටු මොහු සෙනග අතරින් එතැනට රිංගා ගත්තේය.

තිබෙන ඉඩ කඩෙන් උපරිම පල ලබා ගැනීමට වෙර දරා තම කූඩය ගෙන හිස මත තබා ගත්තේය.

‘ගන්න ගන්න මේ පාරෙ තියන කුඩ ගන්න ගන්න’

කියමින් කොන්දොස්තර බසය තුළට රිංගා ගත්තේය.

‘තමුසෙ මට කියන්න එන්න එපා කුඩය පාරෙන් අයින් කර ගන්න කියල... හරිද...’ කියා වේගයෙන් පැවැසීය. මෙය දුටු කොන්දොස්තර වරයාගේ කේන්තිය පහව ගියේය. සැමම සිනා වෙද්දි ඔහු බසය තුළටම රිංගා ගත්තේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා