මුද්‍රණය සඳහා

 
තුන් කෝරළයේ මහා තරගය හෙට

තුන් කෝරළයේ මහා තරගය හෙට

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා අනුස්මරණ කුසලාන කැලණි නදි තුන්කෝරළ ක්‍රිකට් තරගය යටියන්තොට ඇන්. ඇම්. පෙරේරා මධ්‍ය මහා විද්‍යාලය හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අතර පස්වන වරටත් මාර්තු 09 වැනිදා (සිකුරාදා) දින යටියන්තොට නාගරික වින්සන්ට් පෙරේරා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ඇන්. ඇම්. පෙරේරා විදුහල් ක්‍රිකට් පිලේ නායකයා ලෙස මොහොමඩ් අසුර්දීන් ක්‍රියා කරයි.

තුන් කෝරළයේ පැවැත්වෙන එකම මහා තරගය මෙය වේ. වාර දෙක බැගින් විදුහල් දෙක ජයග්‍රහණයන් හිමිකර ගෙන ඇත.

රුවන්වැල්ල පිලේ නායකයා ලෙස පුබුදු සමන්කුමාර මෙවර ක්‍රියා කරයි.

කණ්ඩායම් දෙකේම තුන් ඉරියව්වෙන් දක්‍ෂතා දක්වන ක්‍රීඩකයින් සිටින අතර, මෙවර උණුසුම් තරඟයක් නැරඹීමට හැකිවේවි.

විද්‍යා හා තාක්ෂණ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජය ඇමැති අධිනීතිඥ එච්. ආර්. මිත්‍රපාල, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වයි. ජී. පද්මසිරි, සබරගමු පළාත් කෘෂිකර්ම හා ක්‍රීඩා ඇමැති ශ්‍රී ලාල් වික්‍රමසිංහ, පළාත් සභා මන්ත්‍රී කේ. සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් විශේෂ ආරාධිතයින් ලෙස සහභාගි වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]