මුද්‍රණය සඳහා

 
සැකකරුවන් ගැන තොරතුරු ඉදිරි පැය 48 දී හෙළිකරනවා

සැකකරුවන් ගැන තොරතුරු ඉදිරි පැය 48 දී හෙළිකරනවා

-පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කහවත්ත ද්විත්ව ඝාතනයේ සැකකරුවන් පිළිබඳ සියලු තොරතුරු ඉදිරි පැය 48 තුළදී රටට හෙළිකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

විශේෂ රහස් පොලිස් කණ්ඩායම් 07ක් යොදවා පුද්ගලයන් 250 කගෙන් ප්‍රශ්න කර ලබාගත් තොරතුරු විමර්ශනයෙන් පසු සැකකරුවන් පිළිබඳ තොරතුරු හෙළිකරගත් බවත් අජිත් රෝහණ මහතා පවසයි.

බොහෝ පුද්ගලයන්ගේ විවිධ අවමන් විඳිමින් ඉවසිලිවන්තව රහස් පොලීසිය සාර්ථකව එම මෙහෙයුම දියත් කළ බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ සැමට ඉදිරි පැය 48 තුළදී පිළිතුරු සපයන බවද පැවැසීය.

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් ඝාතකයන් ට උදව් නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි පොලිස් අධිකාරිවරයා කිසිදු අයුරකින් ඝාතකයන් ආරක්ෂා කිරීමට ක්‍රියා නොකරන බවද අවධාරණය කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]