රටක පාලනය වෙනස් කළ හැක්කේ ජනතාවට පමණි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 පෙබරවාරි 2 කොළඹ දී.



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

මානුෂික මෙහෙයුම් ගැන අමෙරිකාවට වැටහීමක් නෑ!

ප්‍රභාට වැඩිය හොඳින් හමුදාව අපට සැලකුවා

පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයෝ කියති

අපට හිරිහැර කළේ කොටි ත්‍රස්තවාදීන් මිස ශ්‍රී ලංකා හමුදාව නොවෙයි. හමුදා සෙබළුන් අපට ආදරයෙන් සැලකුවා. රජය මානව හිමිකම් කඩ කළා කියලා පිටරටවල ඉඳලා සමහරු කියන කතා අපි පිළිගන්නේ නැහැ. පුනරුත්ථාපන ජනරාල් කාර්යාංශය යටතේ වසරක කාලයක් පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ. සාමාජිකයෝ ඊයේ (12) මහනුවර දී එසේ ප්‍රකාශ කළහ. දිනාගත් නිදහස රැකගැනීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් භේදයෙන් තොරව සැවොම එක්වෙමු යැයි ද, ඔවුහු ශ්‍රී දළදා මැදුරේදී පැවසූහ. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ සංකල්පයක් අනුව සාම චාරිකාවක් සඳහා ඊයේ (12) මහනුවරට . . .

විස්තර »

පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් ගෙන්

ජනපතිතුමන්ට විශේෂ සංදේශයක්

යහපත් පුරවැසියන් ලෙස සමාජයට ප්‍රවිශ්ට වීමට අවකාශ සැලසීම සම්බන්ධ යෙන් ජනපතිතුමන් ඇතුළු රජයට ස්තූතිය පළකරමින් විශේෂ සංදේශයක් පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් විසින් අගමැති දි. මු. ජයරත්න මහතාට ඊයේ (12) මහනුවර දී බාරදෙනු ලැබිණි. මෙම මස 30 දින විසිර යෑමට නියමිත පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයෝ 384 දෙනකු සාම චාරිකාවක් සඳහා ඊයේ (12) මහනුවරට පැමිණි අවස්ථාවේ එම පිරිස මෙම සංදේශය බාර දුන් අතර . . .

විස්තර »

මීගමුව, නයනාලෝක ගම්මානයේ දී පැවැති ‘සිරිලිය සවිය’ සමාජ සත්කාරක වැඩ සටහනේදී ජනාධිපති ආර්යා ශිරන්ති  රාජපක්ෂ මහත්මිය විසින් ආබාධිත කාන්තාවකට රෝද පුටුවක් පරිත්‍යාග කරනු ලැබූ අයුරු.
ඡායාරූපය - ලලිත් වැලිවිටිගොඩ

කහවත්ත ද්විත්ව ඝාතනය

ගමේ කිසිම කෙනෙක් තොරතුරු දුන්නේ නෑ

කහවත්තේ ද්විත්ව ඝාතනයට අදාලව රහස් පොලිසිය පර්යේෂණ (විද්‍යාත්මක) සාක්ෂිවලින් අනාවරණය කරගත් තොරතුරු සියල්ල අපරාධකරුවන්ගේ පාපොච්චාරණවලින් ඔප්පු වී තිබේ. මේ අපරාධය සම්බන්ධව කහවත්ත ප්‍රදේශයේ කිසිම පුද්ගලයකු වාචික සාක්ෂි වශයෙන් කිසිම තොරතුරක් ලබා දෙමින් පොලිසියට සහයෝගය ලබා දී නොමැති බව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පැවැසීය. එම නිසා ඇසින් දුටු සාක්කි කිසිවක් නොමැත. අපරාධකරුවන් කර ඇති පාපොච්චාරණ අධිකරණය ඉදිරියේ දී වෙනස් කිරීමට උත්සාහ කළත් විද්‍යාත්මක සාක්කිවලින් අපරාධය තදබල ලෙස හෙළිවී තිබේ.

විස්තර »

ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට හා භෞමික අඛණ්ඩතාවට හානිවන අයුරින් එල්ලවන ජාත්‍යන්තර බලපෑම්වලට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එරට පැරිස් නුවර පිහිටි අයිෆල් කුලුන ආසන්නයේදී විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අයුරු.

උසස් පෙළ අයැදුම්පත්
මාර්තු 30 දක්වා භාර ගැනේ

අ පොස උ/පෙළ විභාගයට අයදුම්පත් භාරගැනීම මාර්තු 30 දක්වා සිදු කෙරේ. එය දීර්ඝ කර ඇතැයි ඊයේ (12) “දිනමිණ” පුවත්පතේ පළවූයේ ප්‍රමාද දෝෂයකිනි.

පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් අගමැති දි. මු. ජයරත්න මහතාට සන්දේශයක් භාර දෙමින්. චන්ද්‍රසිරි ගජධීර, අබ්දුල් කාදර් ඇමැතිවරුන්ද මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන්ගේ සාම පාගමන

 ඡායාරූපය - ගාමිණී රණසිංහ

 
අමතක වෙලා පාමංකඩ ගිය ‍‍‍‍ ජොලිය
උතුරේ තියන්නට යනවලු මැයි රැලිය
සාමකාමි වුණු යාපන ගඳ කිළිය
ගඳ ගස්වාවිදෝ යු.ඇන්.පී ගලිය
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast