මුද්‍රණය සඳහා

 
ජනාධිපති විමර්ශන නිලධාරියකුගේ වෙස් ගෙන ලක්‍ෂ ගණන් වංචා කළ අයෙක් දැලේ

ජනාධිපති විමර්ශන නිලධාරියකුගේ වෙස් ගෙන ලක්‍ෂ ගණන් වංචා කළ අයෙක් දැලේ

වංචාවට ලක්වූවන් තවත් සිටී නම් ඉදිරිපත් වන්න

ජනාධිපති විශේෂ විමර්ශන නිලධාරියකු ලෙස පෙනී සිට ප්‍රදේශවාසීන් රවටා ජනපි‍්‍රය පාසල්වලට ළමුන් ඇතුළු කිරීමට පොරොන්දු වී මුදල් ලක්ෂ ගණනින් වංචා කළ අයෙක් මැදවච්චිය පොලිසිය මගින් පෙරේදා (11) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු ගාල්ල කලහේ මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලිසිය පවසයි. මොහු ජනාධිපති විශේෂ විමර්ශන අංශයේ නිලධාරියකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිට ජනතාව මුලාකර ඇති බව පොලිසිය වැඩිදුරටත් කීය.

පාසල් ළමයින් ජනපි‍්‍රය පාසල්වලට ඇතුළු කිරීමට තමාට හැකි බවත් ඒ සඳහා අල්ලස් ලෙස මුදල් අවශ්‍ය බවත් මොහු පවසා මුදල් ලබාගෙන ළමුන් පාසල්වලට ඇතුළු නොකර මග හරින බව වංචාවට ලක්වූ මව්පියන් පොලිසියට කළ පැමිණිලි මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. වංචාවට ලක්වූවන් තවත් සිටී නම් ඉදිරිපත් වන ලෙස පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි. සිද්ධිය පිළිබඳ මැදවච්චිය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]