හූ හඬ මැද්දේ රනිල් පිටව යයි

හොරණ රැස්වීමේ ගුටි බැට කෙළියක්

හූ හඬ මැද්දේ රනිල් පිටව යයි

සිරිකොත කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ දී ඊයේ (12) පැවැති උත්සවයකදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එහි සිටි පිරිසක් “හූ” කියමින් ජනතා අප්‍රසාදය පළ කර ඇත.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතා මේ උත්සවය සංවිධානය කර ඇත.

මේ උත්සවයේ දී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කතා කිරීමෙන් පසු සිරිකොතට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ චිත්‍රපටයක් පෙන්වීමට උත්සාහ කිරීමේදී එහි සිටි පිරිසක් හූ කියමින් මාර්ගයට පිවිස මාර්ගය අවහිර කර ඇත.

ඉන් අනතුරු කිත්සිරි කහටපිටිය මහතා සමඟ එම පිරිස ගැටුමක්ද ඇති කරගෙන ඇත.

එම ප්‍රදේශයේ ජනතාව විපක්ෂ නායකවරයාට පිටවීමට නොදී පැයක් පමණ මාර්ගය අවහිර කරමින් විවිධ විරෝධතා දක්වා ඇත.

පොලිසිය මැදිහත් වීමෙන් පසුව ජනතාව විසුරුවා හැර විපක්ෂනායකවරයා නිරුපද්‍රිතව එම ප්‍රදේශයෙන් පිටත් කර යවා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා