සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද ඇරැඹේ

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද ඇරැඹේ

ශ්‍රී ලංකාවේදී ලබන සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලදී පැවැත්වෙන 2012 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන සුළු කණ්ඩායම් 2 තෝරා ගැනීමේ තරගාවලිය අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ඇරැඹේ.

රටවල් 16කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී එක් ස්ථානයක් හිමිකර ගනු ඇති බවට ජනප්‍රිය කණ්ඩායමව සිටින්නේ ඇෆ්ගනිස්ථානයයි. ඔවූහු, 2010 වසරේ කැරිබියන්හි පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකාවේ තරගාවලියට සහභාගි වීමට සුදුසුකම් ලබා ගනු ඇතැයි අපේක්ෂිත අනෙක් කණ්ඩායම අයර්ලන්තයයි.

සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට සහභාගි වන අනෙකුත් කණ්ඩායම් වනුයේ නෙදර්ලන්තය, කෙන්යාව, කැනඩාව, ස්කොට්ලන්තය, පැපුවා නිව් ගිනියාව, නැමීබියාව, හොංකොං, උගන්ඩාව, බර්මියුඩාව, ඕමානය, ඩෙන්මාර්කය, ඉතාලිය හා අමෙරිකාව ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා