පන්දු හයේ ස්නූකර් සූරතාව රයන් සෝමරත්නට

පන්දු හයේ ස්නූකර් සූරතාව රයන් සෝමරත්නට

මුවර්ස් ක්‍රීඩා සමාජයේ මොහොමඩ් අස්ලම් ලකුණු 8 – 6 ක් ලෙස පරාජයට පත් කළ ඔටර්ස් ක්‍රීඩා සමාජයේ රයන් සෝමරත්න රතු පන්දු හයේ ජාතික ස්නූකර් සූරතාව දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා බිලියර්ඩ් සහ ස්නූකර් සංගමයේ මෙහෙයවීමෙන් සුගතදාස හෝටල් පරිශ්‍රයේ පිහිටි එම සංගම් මූලස්ථානයේ පැවති මේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී ලකුණු 7-4 ක් ලෙස රයන් සෝමරත්න වෙතින් රයිලේස් පිලේ මොහොමඩ් රිම්සාන් පරාජයට පත් වූ අතර ජාතික සූරයකු වන වයි. එම්. සී. ඒ. පිලේ සුසන්ත බොතේජු ලකුණු 7-6 ක් ලෙස පරාජය කිරීමට එස්. එච්. එම්. අස්ලමි සමත් විය.

තරගකරුවන් 60 දෙනකුගේ සහභාගිත්වයෙන් සමස්ත ලංකා මට්ටමෙන් ඇරැඹි මේ තරගාවලියේ දෙවැනි වටය රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැති අතර පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැති අවසන් වටයට ප්‍රබල තරගකරුවන් 16 දෙනෙක් සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා