|
||
එක්දින තරගයේ ජය සාන්ත සෙබස්තියන් විදුහලටවේල්ස් කුමර විදුහලත්, ශාන්ත සෙබස්තියන් විදුහලත් අතර වාර්ෂිකව පැවැත්වූ 27 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශාන්ත සෙබස්තියන් විදුහලට ලකුණු 54 ක පහසු ජයක් අත්විය. මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත සෙබස්තියන් විදුහල පන්දු වාර 50 අවසානයේදී කඩුලු 8 කට ලකුණු 275 ක් වාර්තා කිරීමට සමත් විය. සනිත ද මෙල් සහ අනුෂ්ක පෙරේරා ලකුණු 78 බැගින් වාර්තා කළහ. හෂාන් ප්‍රනාන්දු ලකුණු 67 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වේල්ස් කුමර විදුහල ලකුණු 221 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 93 ක් රැස්කළේය. නිමේශ් ප්‍රනාන්දු ලකුණු 48 කට කඩුලු 3 ක් දවාලීය. ශාන්ත සෙබස්තියන් විදුහල 275/8 (ඕවර 50) - සනිත ද මෙල් 78, අනුෂ්ක පෙරේරා 78, අවිශ්ක ප්‍රනාන්දු 30 (හෂාන් ප්‍රනාන්දු 4/67, ෂනුක දුලාජ් 2/54) වේල්ස් කුමර විදුහල 221 (ඕවර 45.1) - කුසල් මෙන්ඩිස් 93, තරිඳු ඩිල්ශාන් 21, ක්‍රිශේන් අපෝන්සු 30 (නිමේෂ් ප්‍රනාන්දු 3/48, අමිල අපෝන්සු 2/28) |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |