උත්තර් ප්‍රදේශ් නව නායකයා රාහුල් ගාන්ධිට අභියෝගයක්

උත්තර් ප්‍රදේශ් නව නායකයා රාහුල් ගාන්ධිට අභියෝගයක්

අකිලේශ් යාදේව්

ඉන්දියාවේ ජනාධිකම හා දේශපාලන වශයෙන් වැදගත් උත්තර්ප්‍රදේශ් ප්‍රාන්තයේ පාලනය මෙහෙයවීම සඳහා නවක තරුණ පුද්ගලයකු තෝරාගෙන ඇත.

මේ ප්‍රාන්තයේ පසුගියදා පැවැති මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය විශාල පරාජයක් අත්පත් කරගෙන ඇති අතර එය එහි සටන මෙහෙයවු නේරු -ගාන්ධි වංශයේ රාහුල් ගාන්ධිගේ ජනප්‍රියතාව අඩු වීමට මේ නවකයා‍ගේ පැමිණීම හේතු‍වනු ඇතැයිද පැවසී තිබේ. මේ මැතිවරණයෙන් මෙතෙක් එහි බලය පැවැත්වූ මහ ඇමැතිනී මායාවතී ද පරාජයට පත්කරමින් සමාජවාදී පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් පසු 38 හැවි‍රිදි අකිලේෂ් යාදේව් එම ධුරය සඳහා තෝරාගෙන ඇත.

ලක්නව් හි පැවැති පක්ෂ රැස්වීමේදී මෙසේ ඔහු මහ ඇමැති ධුරයට තෝරා‍ ගැනුනු අතර උත්තර් ප්‍රාදේශ් ප්‍රාන්තය සමෘද්ධි මාවත ඔස්සේ ගෙනයමින් එය අභිභවා ගිය සෙසු ප්‍රාන්ත මට්ටමට ගෙන එන බවට ඔහු සපථ කර ‍ඇත.

පක්ෂ සලකුන අයත් පාපැදියකින් රැස්වීමට පැමිණි ඔහු එය හඳුන්වා තිබුණේ “අපේක්ෂාවේ පාපැදිය “ලෙසය. සාගරික ඉන්ජිනේරු උපාධියක් හිමි ඔහු නව ඉන්දීය දේශපාලන පරපුර නියෝජනය කරන්නේ යැයි විශ්ලේෂකයන් පවසා තිබේ. අකිලේෂ් යාදේව් මල්ලවපොර ශූරයකුව සිට‍ දේශපාලනයට පිවිසි මුලයාම් සිං යාදේව් ගේ පුත්‍රයා බව ප්‍රකාශිතය .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා