සිසුන් 50ට අඩු පාසල්හි සම්පත් වෙනත් පාසල් වෙත

සිසුන් 50ට අඩු පාසල්හි සම්පත් වෙනත් පාසල් වෙත

විවිධ පළාත්වල සිසුන් 50 ට අඩු පාසල් පිළිබඳව තීරණ ගැනීමේ බලය අදාළ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු යටතේ ඇති ව්‍යුහ කමිටු වෙත පවරා ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අදාළ ව්‍යුහ කමිටු විසින් පාසල් වසා දමනවාද ? වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයකට යනවාද යන්න දැනටමත් තීන්දු කළයුතුව පවතින බව බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පාසල් සංවර්ධනය කිරීමට අදාළ අදහස් හා යෝජනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තිබෙන සම්බන්ධීකරණ කමිටුවලට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති බවද, ප්‍රධාන ඇමැතිවරයා කියයි.

ව්‍යුහ කමිටුවල යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට ද මධ්‍යම රජය බලාපොරොත්තු වන අතර, ළමයින් 50 ට අඩු පාසල් වසා ඒවායේ සම්පත් ප්‍රයෝජනයට ගෙන දියුණු කළ හැකි වෙනත් පාසල්වලට ඒවා අනුයුක්ත කොට දියුණු කිරීම මෙම වැඩපිළිවෙළ අනුව සිදුවන බවද රණතුංග මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා