යළිත් කරළියට ගෙනඒමට සූදානම් වන චැනල් 4 හොර වීඩියෝවට රජයේ විරෝධය

යළිත් කරළියට ගෙනඒමට සූදානම් වන
චැනල් 4 හොර වීඩියෝවට රජයේ විරෝධය

ශ්‍රීලංකාවට එරෙහිව බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මඟින් යළිත් වරක් ඉදිරිපත් කිරීමට සූදානම් වන ව්‍යාජ වීඩියෝ පටය තරයේ ප්‍රතික්ෂේප කරන බව රජය අවධාරණය කරයි. ල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාලපුතු ද්වේෂ සහගත ලෙස ඝාතනය කළ බවට ඒ මඟින් චෝදනා නඟා ඇත.

කුඩා දරුවන් ඝාතනය කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් ශ්‍රී ලංකා රජයේ හමුදාවට නොමැති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා සඳහන් කරයි. එම චෝදනාවේ නිරවද්‍යතාවය ඔප්පුකර නොමැති බව පෙන්වා දෙන මහ කොමසාරිස්වරයා තහවුරු නොකළ මෙම ව්‍යාජ වීඩියෝ පටය කිසිඳු බලධාරියෙකුගේ පරීක්ෂණයට

භාජනය වී නොමැති බවද පෙන්වා දෙයි. බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන බවද එවැනි චෝදනාවක් එල්ල කරන දෙවන අවස්ථාව මෙය බවද ප්‍රසාද් කාරියවසම් මහතා සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා