මණ්ඩතිව් දූපතේ ජනයාට යළි පදිංචියට ඒමට ඉඩදීම ගැන යාපනය අගරදගුරුගේ ප්‍රසාදය

මණ්ඩතිව් දූපතේ ජනයාට යළි පදිංචියට ඒමට
ඉඩදීම ගැන යාපනය අගරදගුරුගේ ප්‍රසාදය

වසර 22 කට පසු මණ්ඩතිව් දුපතේ ජනතාවට යළිත් තම ගම්බිම්වලට පැමිණීමට අවස්ථාව ලබාදීම පිළිබඳ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනයේ අගරදගුරු තෝමස් සෞන්ද්‍රනායගම් හිමිපාණෝ සිය ප්‍රණාමය පුද කළහ.

උතුරේ යළි පදිංචි වන ජනතාවට ලබාදෙන මානුෂීය ආධාර ගැන ද තමන් සතුටට පත්ව සිටින බව ද හිමිපාණෝ විශේෂ ලිපියක් යොමුකරමින් කියා සිටිති. මණ්ඩතිව් දූපතේ මෙතෙක් රැඳී සිටියේ නාවික හමුදාව බවත්, ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ඔවුන් ඉවත් කර ජනතාව යළි පදිංචි කිරීම කාලීන වැඩපිළිවෙලක් බව සෞන්ද්‍රනායගම් හිමිපාණෝ එම ලිපියෙන් අවධාරණය කර සිටිති.

එල්. ටී. ටී. ඊ. පාලන සමයේ වුවද උතුරේ ජනතාවට මෙම ප්‍රදේශවලට ඒමට ඉඩ නොදුන් අතර ත්‍රස්තවාදය නිමවී වසර තුනකට ආසන්න වීමටත් පෙර දෙමළ ජනතාවට යළි සිය ගම්බිම්වල පදිංචි කිරීම පැසසුමට ලක්කරන බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා