මහපොළ ප්‍රදර්ශනය 6 සිට 11 දක්වා

මහපොළ ප්‍රදර්ශනය 6 සිට 11 දක්වා

මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය අපේ‍්‍රල් 6 සිට 11 දක්වා මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේදී ආරම්භ කෙරේ. මෙවර පැවැත්වෙන්නේ 265 වැනි මහපොල ප්‍රදර්ශනය වන අතර අවසන් වරට එම ප්‍රදර්ශනය පැවැත්වූයේ 2009 වර්ෂයේදීය.

මින්පසු මාස තුනකට වරක් මහපොළ ප්‍රදර්ශනය පැවැත්වීමත්, ඒවායෙහි ප්‍රගතිය අනුව පසුව මසකට වරක් එම ප්‍රදර්ශනය පැවැත්වීමටත් තීරණය කර ඇති බවද, සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

විශ්වවිද්‍යාල සිසුන් හතලිස් දහසක් පමණ මහපොල ශිෂ්‍යාධාර ලබති. මේ වසරේ ශිෂ්‍යත්වලාභී ප්‍රමාණය දහදාස් තුන්සියය දක්වාත් ඔවුන් ලබන මුදල් ප්‍රමාණය දෙදහස් පන්සිය පනහ දක්වාත් වැඩිකර තිබේ.

හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සංකල්පයකට අනුව මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කෙරුණු අතර, වර්තමානයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශිෂ්‍යත්වලාභින්ගේ ප්‍රමාණය සහ ඔවුන් ලබන ආධාර ප්‍රමාණය තවත් වැඩි කිරීමට පියවරගෙන ඇති බව අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.

මෙම ප්‍රදර්ශනය පවත්වන පාසල්වල යටිතල පහසුකම් නංවා ඒවා දියුණු කිරීමත් මේ වනවිටත් එම ප්‍රදර්ශනයේ වෙළෙඳ කුටි විශාල ප්‍රමාණයක් විකිණීමත් අවසන් වී ඇත. මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට අදාළව ඊයේ පැවැත්වුණු මෙම සාකච්ඡාව (13) ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා, අමාත්‍යාංශ ලේකම් සුනිල් එස් සිරිසේන ඇතුළු පිරිසක් සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා