සජිත්ගේ උපදෙස් මත රැස්වීම් එපා

සජිත්ගේ උපදෙස් මත රැස්වීම් එපා

රනිල් එජාප ආසන සංවිධායකයන්ට දැනුම් දෙයි

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත කිසිදු රැස්වීමක් සංවිධානය නොකරන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවරුන්ට යළිත් දැනුම් දී ඇත.සජිත් හිතවාදීන් දිගින් දිගටම ප්‍රාදේශීය මට්ටමේ රැස්වීම්වලදී රනිල් වික්‍රමසිංහ මහතා අපහසුතාවට පත් කිරීම සඳහා කටයුතු කිරීම මෙම තීරණය ගැනීමට හේතු වී තිබේ.

එජාප නාමය යටතේ රැස්වීම් සංවිධානය කරන්නේ නම් ඒ සඳහා පක්ෂ ලේකම්වරයාගේ අවසරය අවශ්‍ය බවත් එසේ නොවන රැස්වීම් පක්ෂ ව්‍යවස්ථාවට අනුව නීති විරෝධී වන බවත් ආසන සංවිධායකවරුන්ට දැනුම්දී ඇති අතර ඊට පටහැනිව ක්‍රියාකරන ආසන සංවිධායකවරුන්ට එරෙහිව තදින් ක්‍රියාකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී ඇත. අ

දාළ තත්ත්වය හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (12) හඟුරන්කෙත ආසනයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සව දෙකක් හදිසියේ අවලංගු කැර ඇති බවද වාර්තාවෙයි.වයඹ පළාතේ එජාප නායකත්වයට අභියෝග කරන ආසන සංවිධායකවරු ගණන තරමක් වැඩි බැවින් නායකත්වයේ උපදෙස් නොතකා එම පළාතේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් රැස්වීම් වැඩි වශයෙන් සංවිධානය කෙරෙමින් තිබේ.

එජාප ආසන සංවිධායකයින් පත් කිරීමේදී මේ වන විට පත්වීම් 120 කට ආසන්න ප්‍රමාණයක් පමණක් සිදුකර තිබෙන අතර ඉදිරියේදී තවත් පත්වීම් 50 ක් පමණ සිදුකිරීමට නියමිතය. පවතින පසුබිම තුළ එජාපයේ ප්‍රබල චරිත කිහිපයකටම සංවිධායක ධුර අහිමිවන තත්ත්වයක් උද්ගතව ඇති බව එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා