|
||
සහිරා සෙවන්ස් පාසල් රගර් තරගාවලිය 18දා
කොළඹ සහිරා විද්‍යාලයීය 60 කණ්ඩායම සංවිධානය කරන අවුරුදු 20 න් පහළ සත් සාමාජික ආරාධිත රගර් තරගය මේ මස 18 වැනිදා කොළඹ සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගාවලියට ආනන්ද, ධර්මරාජ, ඉසිපතන, කිංවුඩ්, නාලන්දා, වේල්ස්කුමාර, විද්‍යා විද්‍යාලය, ශාන්ත පීටර්, තර්ස්ටන්, ත්‍රිත්ව විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, සහිරා යන විදුහල් තරග වදිති. මෙවර මැලේසියානු පාසැල් කණ්ඩායම් දෙකක් ද සහභාගිවීමට නියමිතය. එලයිඩ් ට්‍රේඩින් ඉන්ටනැෂනල් සමාගම අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේ කුසලාන සූරයන්ට රුපියල් 50000ක්ද, අනුසූරයන්ට රුපියල් 3000ක්ද, පළඟ සූරයන්ට රුපියල් 20000ක්ද, පළඟ අනුසූරයන්ට රුපියල් 10000ක්ද, බඳුන සූරයන්ට රුපියල් 10,000 ක්ද ප්‍රදානය කෙරේ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |