|
||
‘සියනෑ-හේවාගම් සටන’ පළමු මහ ක්‍රිකට් තරගය 16දා
සියනෑ කෝරළයේ හා හේවාගම් කෝරළයේ ප්‍රධානතම පාසල් දෙකක් වන හේනේගම මධ්‍ය විද්‍යාලය හා හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය අතර පළමුවන වරට පැවැත්වෙන “සියනෑ-හේවාගම් සටන” මහා ක්‍රිකට් තරගය ලබන සිකුරාදා (16) කිරිඳිවැල මාලිගාවත්ත උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මෙවර හේනේගම මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම ලහිරු තාරක විසින් මෙහෙයවනු ලබන අතර රාජසිංහ මධ්‍ය විද්‍යාල කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ විරාජ් රාජපක්ෂ විසිනි. කණ්ඩායම් දෙකේම තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයින් සිටින හෙයින් මේ මහා ක්‍රිකට් තරගය තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට ප්‍රථම හේනේගම මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම සිය මහා ක්‍රිකට් තරගය ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලය සමඟ පවත්වා තිබෙන අතර පසුව එය නවතා ඇත. එම විද්‍යාල දෙක අතර මහා ක්‍රිකට් තරග 17 ක්ම පවත්වා තිබේ. හේනේගම මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම:- නායක-ලහිරු තාරක, උප නායක – යසිත නිසල් ප්‍රේමරත්න, කාවින්ද දිල්ශාන්, ඩිලාන් සම්පත්, ඉසුරු සඳරුවන්, ජීවන් තිලක් කුමාර, සිතිජ දුලාංජ, සමීර සම්පත්, සංගිත් කුමාරපේළි, සහන් ප්‍රමෝත්, ලහිරු යසස්, එස්. සුනිත්, සුලෝචන අපෝන්සු, නිශාන් පි‍්‍රයදසුන්, ඉෂාර ලක්ෂාන්, මිගාර ලලිත්‍ය, සුලත්චන සඳරුවන්, ඉරුෂ චමල්, තිළිණ මධුශංක හා අමල් තනුෂියා හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම :- නායක-විරාජ් රාජපක්ෂ, උප නායක චමල්ක ගමගේ, දිල්ශාර අමරතුංග, එස්. නිසාල්, විනෝජ් ජයසිංහ, නදීෂ අමරසිංහ, රණවීර ජයවර්ධන, සමන් කුමාර, රෝයි සුරවීර, අරෝෂ් ඉමල්ක, නිපුණ රාජපක්ෂ, හර්ෂන මදුශාන්, සඳකැලුම් ගුණසේකර, රවිදු ලක්මාල්, සුපුන් නිරෝෂන, සුරංග ලියනවඩු, දුමින්ද මධුශංක, විශ්වනාත් ජයසිංහ, කසුන් කේෂාන් හා සචින්ක හිරුශාන්. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |