|
||
සුනිල සංග්‍රාමයේ ජය ධර්මාශෝක විදුහලට
සුනිල සංග්‍රාමය ලෙස නම්කොට ඇති අම්බලන්ගොඩ ධර්මාශෝක - දේවානන්ද 46 වැනි මහා ක්‍රිකට් ගැටුම මෙවර අවසන් වූයේ ධර්මාශෝක විද්‍යාල පිල ලකුණු 166 ජයග්‍රහණයක් හිමිකර ගනිමිනි. ධර්මාශෝක විද්‍යාල පිල පළමු ඉනිමේදී ලකුණු 221 ක් රැස් කළේය. රමේෂ් මෙන්ඩිස් ලකුණු 47 ක් ද, දුමින්ද කන්නන්ගර සහ චතුර උමයංග ලකුණු 28 බැගින් ද, තම පිලට ලබා දුන්නේය. (සිතාර මධුශංඛ 66/6, චරිත් සුධාරක 49/3) දේවානන්ද පිල පළමු ඉනිමේදී ලකුණු 156 ක් ලබා ගත්තේය. ගිහාන් මධුසංඛ ලකුණු 59 යි. චරිත් සුධාරක ලකුණු 23 යි. (දුමින්ද කන්නන්ගර 41/3, චමින්ද ගුණසිංහ 49/2) දෙවැනි ඉනිමේදී ධර්මාශෝක පිල කඩුලු හයකට ලකුණු 204 ක් රැස්කොට පන්දුවට පහර දීමේ අවස්ථාව දේවානන්ද පිලට ලබා දුන්නේය. එම ඉනිමේදී ධර්මාශෝක පිලේ අධීෂ තිලංචන ලකුණු 66 ක් ද, රමේෂ් මෙන්ඩිස් ලකුණු 42 ක් ද, තම පිලට රැස් කළේය. (ඉමේෂ් උදයංග 42/4) දෙවැනි ඉනිමේදී සියලුම ක්‍රීඩකයින් දැවී යන විට දේවානන්ද පිලට ලබාගත හැකි වූයේ ලකුණු 104 ක් පමණි. අකිල ද සිල්වා ලකුණු 31 යි. ඉෂාර මෙන්ඩිස් ලකුණු 22 යි. (චමින්ද ගුණසිංහ 35/5, රමේෂ් මෙන්ඩිස් 25/3) |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |