මුද්‍රණය සඳහා

 
දස හැවිරිදි හසාන් ගෙල සිරවී මරුට

සාරිපොටින් ඔන්චිලි පැද්ද

දස හැවිරිදි හසාන් ගෙල සිරවී මරුට

සාරි රෙද්දකින් තැනූ ඔන්චිල්ලාවක් පදිමින් සිටි දස හැවිරිදි පාසල් සිසුවෙකු ගෙල සිරවීමෙන් මිය යෑමේ සිද්ධියක් පොළොන්නරුවේ සේවාගම ගොවිජනපදයෙන් වාර්තා වේ. මෙසේ මිය ගොස් ඇත්තේ පොළොන්නරුව රාජකීය කනිෂ්ඨ විදුහලේ පහ වසර ඉගෙනුම ලබමින් සිටි එම්. එච්. හසාන් (10) නමැති සිසුවෙකි.

සිය නිවසේ පරාලයක සාරි රෙද්දකින් තනාතිබූ ඔන්චිල්ලාව පදිමින් සිටි සිසුවාගේ බෙල්ලේ රෙද්ද එතී සිටියදී ඒ අවස්ථාවේදී මිදුලේ සෙල්ලම් කරමින් සිටි තුන් හැවිරිදි නිවුන් සොයුරියන් දෙදෙනා දැක එම සිද්ධිය නිවස තුළ සිටි මවට කියා තිබේ. එම ස්ථානයට පැමිණි මව පිහියකින් සාරි රෙද්ද කපා ගෙල සිරවී සිටි හෂාන් මුදාගෙන ඇත.

අනතුරුව අසල්වැසියන්ගේ උදව් ඇතිව ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කරනු ලැබීය. රෝහල්ගත කොට සිටි හෂාන්ගේ දිවි බේරා ගැනීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය දින 10 ක් පුරා ප්‍රතිකාර ලබා දුන්නේය.එහෙත් හෂාන් ඊයේ (13) පෙරවරුවේ ඥාතින් මෙන්ම ප්‍රදේශවාසින්ගේ දුක් සුසුම් මධ්‍යයේ අවසන් ගමන් ගියේය.

මේ වන විට ඔංචිල්ලාව බෙල්ලේ එතී හුස්ම හිරවීමෙන් නොදරුවන් තිදෙනකු මිය ගොස් ඇත. න් පළමුවැන්නා හෙට්ටිපොල කවිඳු ශේකර නමැති වයස අවුරුදු 04 ක් වූ පෙර පාසල් සිඟිති දරුවෙකි. එම ශෝක ජනක මරණයේ කදුළු සේදී යන්නටත් මත්තෙන් තවත් නොදරුවකු ඒ ආකාරයෙන්ම ඔංචිල්ලාව බෙල්ලේ එතී මිය ගියේ ය. ඒ බගවන්තලාවේ පෙට්ටුසෙන් වත්තේ පුවනේෂ්වරන් ක්‍රිෂාන්ත් නමැති 10 හැවිරිදි දරුවෙකි. එම දරුවා මිය ගියේ පසුගිය ඉරිදා ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]