|
||
අහිංසක ඇෆ්ගන් වැසියන් 16ක් මරා දැමීම: චෝදනා ඔප්පු වුවහොත් අමෙරිකා සෙබළාට මරණ දඬුවමඅමෙරිකන් ආරක්ෂක ලේකම් කියයි
උමතු ආකාරයෙන් ඇෆ්ගන් සිවිල් වැසියන් 16 දෙනෙකු ඝාතනයට ලක් කළේ යැයි සැක කෙරෙන ඇමෙරිකන් සොල්දාදුවාට එරෙහි චෝදනා ඔප්පු වුවහොත් ඔහු මරණීය දණ්ඩනයට ලක්වනු ඇතැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා සඳුදා පවසා ඇත. කිර්ගිස්තානයට යන අතර වාරයේ දී මාධ්‍යයට අදහස් පැවසූ පෙන්ටගන ප්‍රධානියා කියා ඇත්තේ සැකකාර සෙබළාට ඇමෙරිකන් යුද නීතියට අනුකූලව දඬුවම් පමුණුවන බවයි. මේ අතර මෙම සෙබළාට එරෙහිව ඇෆ්ගනිස්තානයේ දී ප්‍රසිද්ධ නඩු විභාගයක් පැවැත්විය යුතු බවට ඇෆ්ගනිස්තාන් පාර්ලිමේන්තුව බලකර සිටී. තම කඳවුරෙන් ඉවතට ගිය ඉහත කී සෙබළා එරට සිවිල් වැසියන්ගේ නිවෙස්වලට ඇතුළු වී ඔවුනට වෙඩි තැබූ බවට වාර්තා වේ. යළිත් කඳවුරට පැමිණි මෙම සෙබළා තමා කළ දේ පිළිබඳව සිය සගයන්ට පවසා තිබේ. ඉහත සිද්්ධියෙන් නිරපරාදේ අහිංසක ජීවිත රැසක් අහිමි වී ගිය බව පවසන පැනේටා, සෙබළ මෙවැනි ක්‍රියාවකට යොමු වීමට හේතුව කුමක් ද යන්න පැහැදිලි නැති බව ද ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් කරන බවට ද ඔහු ප්‍රතිඥා දී ඇත. තවද අමෙරිකාව සහ ඇෆ්ගනිස්තානය අතර සබඳතා පළුදු වීමට හේතුවූ මෑතදී ඇතිවූ සිදුවීම් නොතකා ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් ඇමෙරිකාව අනුගමනය කරන ක්‍රමෝපායේ වෙනසක් සිදු නොවන බවට ද ඔහු තහවුරු කර තිබේ. ඉහත කී සිද්්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ඔබාමා ඉහළ පෙළේ ආඥාපතිවරුන් ඇමෙරිකාවෙන් සමාව අයැද ඇත. මෙය හිතාමතා සිදු කළ එකක් නොවන බවද ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |