පරණ කෝන්තර රටේ අනාගත පරපුර වෙත ලබා නොදිය යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2012 මාර්තු 10 වතුපිටිවලදී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ජිනීවා තීන්දුව කුමක් වූවත්

උතුරු නැඟෙනහිර වැඩපිළිවෙළ කිසිසේත් නතර කරන්නේ නෑ

ජනපති ඇමැති මණ්ඩලයට දැනුම් දෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කැර ඇති යෝජනාව හේතුවෙන් කුමන ප්‍රතිඵලයක් ඇතිවුවද ඊට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමැති මණ්ඩලයට පෙරේදා දැනුම් දී ඇත. කවුරුන් කුමක් කීවද උතුරු නැඟෙනහිර ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා වූ රජයේ වැඩපිළිවෙළ ඒ අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක වන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කැර තිබේ.

විස්තර »

උගත් පාඩම් කොමිසමේ වාර්තාව ජාත්‍යන්තරය පිළිගැනීම රජය ලැබූ ජයග්‍රහණයක්

ජාත්‍යන්තරය දරුස්මාන් වාර්තාව අභිබවා උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ වාර්තාව පිළිගැනීම රජය ලැබූ ජයග්‍රහණයක් බව වැඩබලන ජනමාධ්‍ය ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

විස්තර »

අපේ ගැටලු අපම විසඳාගන්නම් අත පෙවීම් එපා!

කොළඹට රැස්වූ ලක්ෂ සංඛ්‍යාත පිරිස් එක හඬින් පවසති

“මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව එකමුතුයි. සාමයට ලැදියි. අපේ ගැටලු විසඳාගැනීමට ඉඩ දෙන්න අත පෙවීම් එපා” කොළඹ නගරයට ඊයේ (15) රැස්වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව එක හඬින් පැවසූහ. දේශය සුරැකීමේ ජාතික සංවිධානයේ මෙහෙයවීමෙන් ඊයේ කොළඹ 07, නිදහස් චතුරශ්‍රයට රොද බැඳගත් දහස් සංඛ්‍යාත මේ මහා ජනතා බලවේගය ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඉදිරිපත් කිරීමට ඇති යෝජනාවලිය හකුළා ගන්නැයි ඉල්ලා සිටියහ.

විස්තර »

එජාප ගැටුම් උග්‍ර අතට; SMS වලින් බැණ ගනිති

රනිල් හා සජිත් දෙපාර්ශ්වය අතර පවතින ගැටුම උග්‍ර වීමත් සමඟ මේ වන විට දෙපාර්ශ්වය එකිනෙකාට එස්. එම්. එස්. පණිවුඩ මගින් බැණ තර්ජනය කිරීම් හා අනතුරු ඇඟවීම් සිදු කරන්නට පටන් ගෙන තිබේ.

විස්තර »

යුද සමයේ රට හැර ගිය අය උතුරේ ජනතාව දිහා ඇහැක් ඇර බැලුවේ නෑ

කෝටි ගණන් මුදල් රැස් කරමින් ඔවුන් සුපිරි ජීවිත ගත කළා

රාජේෂ්වරී සුබ්‍රමනියම් තොරතුරු හෙළි කරයි

ශ්‍රී ලංකාවේ යුද්ධය පැවතුණු සමයේ දී රට හැර ගිය දෙමළ පිරිස් උතුරේ ජනතාව සඳහා කිසිදු උදව් උපකාරයක් කිරීමට ඉදිරිපත් නොවූ බවත්, ඔවුන් කෝටි ගණන් මුදල් එක්රැස් කරමින් තම තමන්ගේ සුපිරි ජීවිත සඳහා ඒවා පරිහරණය කරන බවත්, ජිනීවා හි ඩයස් පෝරා ඩයලොග් සංවිධානයේ සාමාජිකා රාජේෂ්වරී සුබ්‍රමනියම් මහත්මිය පවසයි.

විස්තර »

ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නයේ දී අපට ජාත්‍යන්තර මිතුරන් වැඩිවෙලා

ශ්‍රී ලාංකිකයන් වෙනදාටත් වඩා අද ශක්තිමත්

ඇමැති බැසිල් කියයි

ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මිතුරන් වැඩි වී ඇතැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. එමෙන්ම මෙරට ජාතීන් වෙනදාටත් වඩා ශක්තිමත් වී ඇතැයිද හෙතෙම අවධාරණය කළේය.

විස්තර »

මැරතන් තරගයකදී කැලණිය සරසවියේ සිසුවෙක් මරුට

කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ (15) පැවැති මැරතන් තරගයට සහභාගි වූ ශිෂ්‍යයකු එහිදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

විස්තර »

චැනල් 4 චිත්‍රපටය පදනම් විරහිත එකක්

චැනල් 4 හරහා තවත් ව්‍යාජ චිත්‍රපටයක් නිපදවීම පදනම් විරහිත බව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මේ පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා නිකුත් කළ නිවේදනය මෙසේය.

විස්තර »

මහින්ද අබේසුන්දරට හෙට ගම්පහින් උපහාර

දිනමිණ ප්‍රධාන කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතාගේ මාධ්‍ය මෙහෙවරට වසර 50 ක් පිරීම ඇගයීමට ලක්කෙරෙන ගම්පහ දිස්ත්‍රික් උපහාර ප්‍රණාම උළෙල හෙට (17) බියගම ආසනයේ සපුගස්කන්ද මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

විස්තර »

අපේ ගැටලු අපම විසඳාගන්නම්
අත පෙවීම් එපා!

 
“ලාල්කාන්තලා” ගොවීන් උසිගන්වා නටනවා
“වී කිලෝව හතලිහකට ගන්ට” කියා කියනවා
එහෙම වුණොත් හාල් මිලත් ඒ අනුවම නගිනවා
පිටි කවලා - පොහොර සහන නැති කරන්ට හදනවා!
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast