සුනන්දලාගේ කතා වස්තුව

සුනන්දලාගේ කතා වස්තුව

අපි ඔවුනට මහත්මයා හෝ මහත්මිය හෝ නො කියමු. එසේ කීම සිංහල භාෂාවට කරන නිගරුවකි. අපේ සංස්කෘතියට හා හර පද්ධතියට එල්ල කරන ප්‍රහාරයකි. ඔවුන් සඳහා යෙදිය හැකි හොඳ ම වචනය කාලකන්නි යන්න ය. ශ්‍රී ලංකා පොළොවෙහි පය ගසා, එම සුළඟෙන් හා එම ජානවලින් ප්‍රාණය ලබා දැනට කාලකන්නි සේවාවක නිරත ඔව්හු මේ දිනවල ජිනීවාහි සිට තවත් පාදඩ ව්‍යාපෘතියක නිරත වෙති. එකෙක් පාක්‍යසෝති සරවණමුත්තු ය. තවෙකෙක් සුනන්ද දේශප්‍රිය ය. (දේශප්‍රිය කෑල්ල ඔහු වෙතින් හැලිය යුතු ය) ස්ත්‍රී ප්‍රාණ දෙකක් ද මේ ගොඩට අයත් වේ. එක ගැහැනියක් නිමල්කා ප්‍රනාන්දු ය. අනෙක් ගැහැනිය සුනිලා අබේසේකර ය.

මේ හතර දෙනා ජිනීවා නුවර සිට තමන් උපන් භූමියටත් තමන්ගේ සහෝදර ඥාාතීනටත් කළ හැකි උපරිම හතුරුකම සිදු කරති. අධිරාජ්‍යවාදී ඇමෙරිකන් ප්‍රතිපත්ති ලෙවකමින් ඩොලර් කිහිපයකට කෙළ හලන මොවුන් ගැන ශ්‍රී ලංකාව ලැජ්ජා විය යුතු ය. ආසියාව ද ලැජ්ජා විය යුතු ය. මෙබඳු තැනැත්තකු ලොවට දායාද කළ අම්මා අවාසනාවන්ත තැනැත්තියකි. මෙබඳු තැනැත්තියක ලොවට දායාද කළ අම්මා ද පසුතැවෙන තැනැත්තියකි. ඔවුන්ගේ හැසිරීම රටට ශාපයෙකි. ඔවුන්ගේ දර්ශනය පවා අසුබ නිමිත්තකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක නූල් සූත්තර අනුව විවිධ නැටුම් නටන රූකඩයෙකි. මානව හිමිකම් කොමිසම යනු එම රූකඩ දර්ශනයේ තවත් භූමිකාවකි. එම භූමිකාව යොදාගෙන ශ්‍රී ලංකාවටත්, ආසියාවටත් ඇඟිලි ගැසීම ඇමෙරිකාවේ ඉලක්කය යි. එම ඉලක්කය සපුරාගැනීමට යෙදූ උපාය මානව හිමිකම් චෝදනා හා යෝජනා ය. ඇමෙරිකාවේ ඉලක්කය සාර්ථක කරනු වස්; ලොව පුරා ඇති ඊනියා මානව හිමිකම් සංවිධාන දැන් ජිනීවාහි කඳවුරු බැඳ සිටිති. සුනන්දලා, මුත්තුලා, නිමල්කලා, සුනිලලා කරනුයේ එම සංවිධාන තුළට රිංගා ශ්‍රී ලංකාව ගැන වැරැදි හා අසත්‍ය තොරතුරු ලබාදීම ය.

සුනන්ද ඡායාරූප ගනිමින් වාර්තා කරන අතර අන්‍යයෝ දිගට – හරහට බොරු කියති. සරවණමුත්තු කියා ඇත්තේ කොළඹ නගරය තුළ මහ දවාලේ මිනිසුන් පුළුස්සා දමන බව ය. ගමේ භාෂාවෙන් කිවහොත් ඒ වනා හී කටේ ගෙඩි දැමිය යුතුª බොරුවකි. මීට දින කිහිපයකට පෙර කිරුළපන ප්‍රදේශයේ මනුෂ්‍යයෙක් පවුල් ආරවුලක් මත සිරුරට ගිනි තබාගෙන දිවි නසා ගත්තේ ය. එය දේශපාලනයට සම්බන්ධ මරණයක් ද? ජාතිවාදය මුල් කරගත් මරණයක් ද? ආරක්ෂක අංශවල ඝාතනයක් ද? නැත. එය සිය දිවි නසා ගැනීමකි.

මේ සත්‍යය දැන – දැන ම සරවණමුත්තු බොරු කියයි. කොළඹ යනු ආරක්ෂා සහිතව සුන්දර නිදහස්කාමී ජීවිතයක් ගත කළ හැකි ආසියාවේ හොඳම නගරයකි. එහි සැප සරවණමුත්තු හොඳට ම දනී. නමින් මුත්තු වුව ඔහු සයිවර් කඩයකට ගොස් තෝසේ හෝ පිට්ටු බුදින ජාතියේ මිනිහෙක් නො වේ. ඔහු එන්. ජී. ඕ. සල්ලි මතින් සුරසැප විඳින ධනවත් පුද්ගලයෙකි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ ලෙස ද හඳුන්වනු ලැබේ. මේ මනුෂ්‍යයා රටේ සාමයට හෝ නිදහසට හෝ අබමල් රේණුවක සේවයක් කර නැත. පොදුවේ රටට පමණක් නො ව දුප්පත් දෙමළ ජනයාට ද ඔහුගෙන් සේවයක් සිදු නොවේ.

නිමල්කා ප්‍රනාන්දු නම් ගැහැනිය ජිනීවා සම්මන්ත්‍රණයක දී කියා ඇත්තේ ශ්‍රී ලංකාව අපායක් බව ය. සුනිලා අබේසේකර නම් ගැහැනිය කියා ඇත්තේ උතුරේ දී හමුදාව අතින් දරුවන් දූෂණය වන බව ය. ඔවුන් මෙලෙස පච හලනුයේ ඩොලර් මිටියකට, පිටරට සවාරියකට, විස්කි ටිකකට හා ජොලිකාර ජීවිතයක් සඳහා ය. එන්. ජී. ඕ. සේවාවෙහි නිරත වැඩි දෙනකුට මේ රට ගැන වැටහීමක් නැත. මිනිසුන් ගැන හැඟීමක් නැත. සංස්කෘතිය, සදාචාරය ඔවුන් හඳුනන්නේ ම නැත. එන්. ජී. ඕ. සේවාවෙහි නිරත සමහරු නන්නත්තාරේ ගිය ගැහැනු ය. තවත් අය ස්ත්‍රීවාදීහු ය. අක් – මුල් නැති මේ ගැහැනුන් දරන මත හා කියන අදහස් ගැන අමුතුවෙන් කිව යුතු නැත.

සුනන්ද දේශප්‍රිය නමැත්තා ශ්‍රී ලංකාවේ කිසිදු ක්ෂේත්‍රයක සාධනීය කාර්යභාරයක් ඉටු කළ තැනැත්තෙක් නො වේ. ඔහු මෑත භාගයේ සිදු කළ එක ම කාරිය වූයේ කොටි සංවිධානයට කඩේ යෑම ය. 2009 – මැයි – 19 දා යින් පසු එය නතර වේ යැයි සිතුව ද; එය එසේ වූයේ නැත. ශ්‍රී ලංකාවේ කොටි නැතත් අන්තර්ජාතික කොටි සමඟ සුනන්ද එකතු වී සිටියි. දැන් ඔහුගේ වාසය බටහිර ශීත රටවල් ය. ඒ සඳහා එම රටවල ආණ්ඩුවලට අනන්ත අපරිමාණ බොරු කියන්නට ඇත. ඊළඟට එම ආණ්ඩු සුනන්ද වැනි අය වෙත ඩොලර් කිහිපයක් වීසි කරමින් ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්නට ඇත. අදත් සිදුවන්නේ එය ම ය. ඉරානය වැනි රටක නම්; පාහර මිනිසුන් ගල් ගසා මරනු ලැබේ. ඒ ප්‍රසිද්ධියේ ය. ශ්‍රී ලංකාවේ එවැන්නක් නැත. මෙබඳු අයට ශ්‍රී ලංකාවේ දී ලැබෙන එක ම දඬුවම හූ කීම පමණි. හූ කීමටත් දැන් ඔහු ශ්‍රී ලංකාවේ නැත.

ජිනීවා නුවර මේ දිනවල සිදු වන විවිධ විගඩම් පරාජය කළ යුතු ය. නිත්‍ය ලෙස ම පරාජය කළ යුතුය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ගැන පැය ගණනාවක් කතා කළේ ය. ඉන්දීය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය එලෙස ම පැවැතිය යුතු බව ය. ශ්‍රී ලංකාවට ගසන ඇඟිල්ල ඉන්දියාව දෙසට ද හැරෙන බව ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෝ දනිති. සුනන්දලා වැනි අය ද, සරවණමුත්තුªලා වැනි අය ද ඉන්දියාවේ නැත. ශ්‍රී ලංකාවේ එබඳු කාලකන්නි ස්ත්‍රී - පුරුෂයන් ඉප දී ඇත්තේ පුරාකෘත කර්මයකට ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා