මරණ දැන්වීම්


 

එස්. කේ. ඩී. අමරා මන්ත්‍රීරත්න - එම්. පී. ඩී. මන්ත්‍රීරත්න මහතාගේ ආදරණීය බිරිඳ වූද, වෛද්‍ය නීතා (ජාතික රුධිර මධ්‍යස්ථානය, නාරාහේන්පිට), වෛද්‍ය ගීතා (එංගලන්තය) යන අයගේ ආදරණීය මෑණියන් වූද, වෛද්‍ය උපාලි රණසිංහ (මහ රෝහල, රාගම) හා වෛද්‍ය බුවනෙකබා කුමාරරත්න (එංගලන්තය) යන අයගේ ආදරණීය නැන්දණිය වූද, එස්. කේ. ඩී. අමරා මන්ත්‍රීරත්න (විශ්‍රාමික ගුරු මෑණියන්) පරලෝ සැපත් වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු මාර්තු 16 වන සිකුරාදා සවස 4.00 ට සිදු කරනු ලැබේ. "ලුම්බිණි", දික්ලන්ද, මණ්ඩාවල. 073295

විජයසූරිය මියුරියල් මේබල් - නැසීගිය ඇලෝෂියස් විජයසූරිය (විශ්‍රාමික පොලිස් පරීක්ෂක) මහතාගේ ආදරණීය බිරිඳ වූද, නැසීගිය ජෝෂප් (උප පොලිස් පරීක්ෂක) ටෝනි (හේකාබ් පීඑල්සී), ඔගස්ටස් (එක්සත් රාජධානිය), මෙලනි, බර්නි, ජෙස්මින් යන අයගේ ආදරණීය මෑනියන් වූද, ජැස්මින් (විශ්‍රාමික කාන්තා පොලිස් සැරයන්), මොනිකා, එස්නා (එක්සත් රාජධානිය) වික්‍රමසේකර, පෝල් (සාන්ත පීතර විදුහල, කොළඹ) යන අයගේ ආදරණීය නැන්දනිය වූද, විශාල මුණුබුර, මිණිබිරියන් පිරිසකගේ ආච්චි අම්මා වූද, මියුරියල් මේබල් විජයසූරිය මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු සඳහා මාර්තු 17 දින සවස 4.00 ට නිවසින් පිටත්වන අතර භූමදානය සෙල්ලකන්ද කතෝලික සුසාන භූමියේදී සිදු කෙරේ. අංක 58ඒ, "මෙලනි", කටුවපිටිය, මීගමුව. 074546

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා