එජාප ගැටුම් උග්‍ර අතට; SMS වලින් බැණ ගනිති

එජාප ගැටුම් උග්‍ර අතට; SMS වලින් බැණ ගනිති

රනිල් හා සජිත් දෙපාර්ශ්වය අතර පවතින ගැටුම උග්‍ර වීමත් සමඟ මේ වන විට දෙපාර්ශ්වය එකිනෙකාට එස්. එම්. එස්. පණිවුඩ මගින් බැණ තර්ජනය කිරීම් හා අනතුරු ඇඟවීම් සිදු කරන්නට පටන් ගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයේ දුර්වලතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතා පක්‍ෂය තුළ වෙනම ගමනක් යාමට උත්සාහ කිරීම පෙන්වා දෙමින් දෙපාර්ශ්වය එකිනෙකාට එවන ඇතැම් කෙටි පණිවුඩවල අසභ්‍ය වචන පවා අන්තර්ගතව ඇතැයි දැනගන්නට ඇත. මේ පිළිබඳ එජාප මන්ත්‍රීවරියක ඉදිරියේදී පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කිරීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන රැස්වීම්වලදී ඒ මහතාට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු ඇඟවීමක් සහිත කෙටි පණිවුඩයක් ගතවූ සතිය තුළ එජාප මන්ත්‍රීවරුන් රැසකට ලැබීමත් සමඟ මේ වනවිට එජාප නායකයා සහභාගි වන ප්‍රාදේශීය මට්ටමේ රැස්වීම්වලදී ඒ මහතාට විශේෂ ආරක්‍ෂා- වක් ලබාදීමට රනිල් හිතවාදීන් පියවර ගෙන තිබෙන බවද වාර්තා වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා