|
||
විද්‍යාර්ථ-සිල්වෙස්තර 54වැනි ‘සුරතලුන්ගේ සංග්‍රාමය’ අද සහ හෙට
“සුරතලුන්ගේ සංග්‍රාමය” ලෙසින් කන්ද උඩරට මහා ක්‍රිකට් තරඟ අතර ඉමහත් ජනප්‍රිය මහා ක්‍රිකට් තරගයක් වන මහනුවර විද්‍යාර්ථ සහ සාන්ත සිල්වෙස්තර් 54 වැනි මහා ක්‍රිකට් ගැටුම අද (16) සහ හෙට (17) දෙදින පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙතෙක් පැවැති තරග 53න් 14ක් සිල්වෙස්තර් විදුහල ජයග්‍රහණය කර ඇති අතර තරග 3ක් විද්‍යාර්ථ විදුහල ජයගෙන ඇත. අනෙක් තරග සියල්ල ජය පරාජනේ තොරව අවසන් වී තිබේ. මෙම මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කැර ඇත්තේ විද්‍යාර්ථ විදුහලේ එවකට සිටි ක්‍රීඩක තුෂාර කොඩිකාරය. මෙම වසරේ තරග 17කට සහභාගි වී ඇති විද්‍යාර්ථ විදුහල ඉන් 4ක් ජය ලබා ඇති අතර තරග 10ක මුල් ඉනිමේ ජයග්‍රහණ වාර්තා කර තිබේ. මේ අතර සිල්වෙස්තර් විදුහල තරග 16කට සහභාගි වී ඉන් තරග 4ක් ජයගෙන තරග 9ක් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කැර ගෙන ඇත. විද්‍යාර්ථ විදුහල් පිල මෙවර මෙහෙයවන්නේ සිවුවැනි වසරේ වර්ණලාභියකු වන චමත් ආරම්භක පිතිකරු නිලුක්ෂ ගලපිටගේ විසිනි. මෙම ක්‍රිකට් වාරයේ ශතකයක් අර්ධශතක 7ක් සමගින් තරග 17කදී ඔහු ළකුණු 780ක් ලබා තිබේ. මේ අතර තෙවැනි වසරේ වර්ණලාභියකු වන උපනායක තිළිණ රූපසේන තරග 17කදී කඩුළු 83ක් ලබා පිතිකරුවකු ලෙස එක් ශතකයක් සමගින් ලකුණු 540ක් ලබා ඇත. සිල්වෙස්තර් විදුහල මෙවර මෙහෙයවන්නේ සිවුවන වසරේ වර්ණලාභියකු වන රුවන්ත ඒකනායක විසිනි. ඔහු මෙම ක්‍රිකට් වාරයේ තරග 15කදී අර්ධ ශතක 3ක් සමඟින් ළකුණු 475ක් රැස්කරගෙන ඇති අතර කඩුලු රකින්නෙකු ලෙසද කටයුතු කරන රුවන්ත උඩපන්දු 40ක් මෙම ක්‍රිකට් තරගවාරයේ රැකගෙන තිබේ. සිවුවැනි වසරේ වර්ණලාභියකු වන වරුණ විජේසිංහ සිල්වෙස්තර් කණ්ඩායමේ මෙවර උපනායකයා වේ. ඔහු මෙම ක්‍රිකට් වාරයේදී අර්ධශතක 5ක්ද සමගින් ලකුණු 700 ඉක්මවා ඇත.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |