මරණ දැන්වීම්


 

වික්‍රමරත්න - රංජනී කමලා - නැසීගිය පී. එස්. වික්‍රමරත්න මහතාගේ සහ එම මහත්මියගේ දියණිය වූද, ප්‍රේමරත්න ඉලන්පෙරුම (අධ්‍යක්ෂ උසස් තාක්ෂණ විශ්‍රාමික) මහතාගේ දයාබර බිරිඳ වූද, ධනන්ජනීගේ ආදරණීය මෑණියන් වූද, භද්‍රා, පත්මා, විජිතා සහ චන්ද්‍රාගේ දයාබර සොයුරිය වූද, රන්ජනී කමළා වික්‍රමරත්න මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු මාර්තු 21 බදාදා සවස 4.00 ට බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී සිදු කෙරේ. සවස 3.30 ට ජයරත්න අවමංගල ශාලාවෙන් දේහය පිටත් වේ. 078209

පී. කේ. මුදලිගේ මැතිතුමා (මුදලිගේ රාලහාමි) - විශ්‍රාමලත් ග්‍රාමසේවා නිලධාරී වයි. කේ. මුදලිගේ මැතිනියගේ (විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ, අධ්‍යාපන අමාත්‍යාංශය) ආදරණීය ස්වාමිපුරුෂයාවූද චන්න (ඇමරිකාව) චම්පා (නීතිඥ - අවිස්සාවේල්ල) සහ චමිරි (විශේෂඥ වෛද්‍ය - මාතර) යන අයගේ සදාදරණීය පියාණන්වූද, අයන්ති (ආචාරිනී කුරුණෑගල මලියදේව කාන්තා) කපිල (ග්‍රීන් ෆීල්ඩ්) සහ ජගත් (වෛද්‍ය - පානදුර) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, සකුණි, චන්දු, තිසරි, චමී යන අයගේ දයාබර සීයා වූද, පී. කේ. මුදලිගේ මැතිතුමා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු 2012 මාර්තු 21 බදාදා සවස 5.00 ට අවිස්සාවේල්ල ආදාහනාගාරයේදී සිදුකෙරෙන බව සංවේගයෙන් දැනුම් දෙමු. දේහය එදින සවස 4.00 ට “සැනසුම”, බාලිකා විද්‍යාල පාර, කොස්ගම නිවසින් පිටත්වේ. 078601

ජේ. එම්. රත්නසිරි ජයරත්න මහතා - කරුණාවතී සමරවීර යන අයගේ ආදරණීය ස්වාමිපුරුෂයාවූද, ඉන්ද්‍රලාල් ජයරත්න (ජේ. කේ. ගාමන්ට් ඉබ්බාගමුව) සරත් ජයරත්න (නුවර වැව තානායම) මාලිකා ජයරත්න (වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලය) යන අයගේ ආදරණීය පියාණන්වූද, රොහාන් බාලසූරිය (ලක්දාස් මහ විදුහල කුරුණෑගල) කුමුදුනී කරුණාතිලක, ජීවානි චන්ද්‍රිකා යන අයග් ආදරණීය මාමණ්ඩියවූද, ලංකා සංචාරක මණ්ඩලයේ සේවයකළ ජේ. එම්. රත්නසිරි ජයරත්න මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු මාර්තු 21 බදාදා සවස 5.00 ට කුලියාපිටිය ආදාහනාගාරයේදී සිදුකෙරේ. වෙරළුගම, කුලියාපිටිය. 037-4910110. 078607

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා