සජිත්ට කතාවක් නොදුන්නොත් කුණු බිත්තර සමඟ හූවක්

සජිත්ට කතාවක් නොදුන්නොත් කුණු බිත්තර සමඟ හූවක්

රනිල් - සජිත් දෙදෙනාම සහභාගි වන ප්‍රාදේශීය මට්ටමේ ජනහමුවල දී සජිත් පේ‍්‍රමදාස මහතාට මහජනතාව ඇමතීමට අවස්ථාවක් ලබා නොදුනහොත් ගල්මුල් හා කුණු බිත්තර ප්‍රහාර සමඟ හූ සංග්‍රහ එජාප නායකයාට ලබාදෙන බවට රනිල් විරෝධී කණ්ඩායම විසින් රනිල් හිතවාදීන්ට දන්වා ඇතැයි වාර්තා වෙයි.

අදාළ තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය මට්ටමේ රැස්වීමක් පැවැත්වීමට පෙර එම ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳව ආසන සංවිධායකවරුන් හරහා වාර්තාවක් ලබාගැනීමටද රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇතැයි දැනගන්නට ලැබේ.

සජිත් හිතවාදීන් රැස්වීමක් අතරතුර යම් කලබැගෑනියක් සිදුකළහොත් එයට මුහුණදීම සඳහා තම හිතවාදීන් පිරිසක්ද සෑම රැස්වීමකටම සහභාගි කරවීමට එජාප නායකයා තීරණය කැර ඇති බවද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මස 29 දින මහනුවරදී පැවැත්වීමට නියමිත එජාප උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුරදී සජිත් හිතවාදීන් විසින් එජාප නායකත්වයට එරෙහිව දැවැන්ත විරෝධයක් මතුකරන්නට යන බවට ලද තොරතුරු මත එජාප නායකත්වය විසින් මේ වනවිට එය මැඩපැවැත්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද වාර්තා වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා