අහම්බෙන් බසයට නැග්ග වෛද්‍යවරයා හොර වකුගඩු රෝගියාගේ වෙස් ගලවයි

අහම්බෙන් බසයට නැග්ග වෛද්‍යවරයා හොර වකුගඩු රෝගියාගේ වෙස් ගලවයි

බොරු රඟපෑම ව්‍යාපාරයක් ලෙසින් කරගෙන ගිහින්

ඔහුට වයස අවුරුදු තිස්පහක් පමණ වෙයි. දින කිහිපයක සිට මාවනැල්ල අරණායක හෙම්මාතගම උස්සාපිටිය බස්නැවතුම්පොළවලදී බස්රථයක් නැවැත්වූ විටෙක බස් රථය එහි මගීන්ද සමඟ නවතා ඇති විට ඊට ගොඩවෙයි. මගීහු මෙසේ අමතයි.

“අනේ අම්මේ තාත්තේ, අක්කේ අයියේ...මම හොඳට ඉගෙනුම ලැබුවා. අපොස උසස් පෙළත් සමත් වුණා. තව දුරටත් ඉගෙන ගෙන රජයේ රැකියාවක් ලබාගෙන අම්මාත් තාත්තිත් බලාගෙන හොඳ ජීවිතයක් ගත කරන්නයි මම පෙරම් පිරුවේ. එහෙත් මට වකුගඩු ආබාධයක් වැළඳුණා. දැන් වකුගඩුවක් බද්ධකැරගන්න කටයුතු කරනවා. ඊට විශාල මුදලක් අවශ්‍යයි. එම නිසා මම ඔබ හැමගෙන් ආධාරයක් පතනවා. මට ඒ උදව්ව කරන්න.... කියා දෑත් ඔසවා බස් රථයේ සිටින අයට වැඳ නමස්කාරකරයි.

එවිට බස්රථයේ කාත් කවුරුත් තම සාක්කුවලට අත දමා ඔහුට රුපියල් දහය පහ කාසි පමණක් නොව රුපි: 20 මුදල් නෝට්ටුද පරිත්‍යාග කරයි. පසුව කාටත් දෙඅත් ඉහළට ඔසවා වැඳ නමස්කාරකාර කැර සිහින් සිනහවක් දෙතොලට නගාගෙන බස් රථයෙන් බැසයයි. මොහු මේ ක්‍රියා පිළිවෙත දැනට සති ගණනක් තිස්සේ ක්‍රියාත්මක කරයි. එයින් ඔහුගේ දිවිය ද සරු සාර කැර ගනිමින් දිගටම එය ව්‍යාපාරය කැරගෙන යනු ලබයි.

මෙසේ වකුගඩු අමාරුවෙන් පෙළෙන බව කියන තරුණ ගැටයා තමන්ගේ මුත්‍රා පහකරන්නේ නලයක් උපයෝගී කැරගෙන බවද ඔහු ඇඳ සිටින ඇඳුමට යටින් ඇද ඉදිරියට දැක්වෙන කුඩා බටයක් ද පෙන්වීය. පසුගිය දිනෙක මෙම රෝගියා මාවනැල්ල නගරයේදී එම රඟපෑම රඟපා අරණායක බලා යන බසයකට ගොඩවිය. එහිදීද ඔහුගේ සුපුරුදු රංගනයෙහි යෙදෙන්නට විය. හදිසියේම එතැනට වෛද්‍යවරයකු ද පැමිණියේය. මේ දර්ශනය දුටු වෛද්‍යවරයා රෝගීයාව නිරීක්ෂණය කළේය.

වහා රෝගියාගේ සිරුරට අත තැබූ මෙම වෛද්‍යවරයා මෙම නළය දිග ගමන් කරන්නේ මොනාවද ළමයෝ..? කියා විමසුවේය. මගේ වකුගඩුව අක්‍රියයි. මේ යන්නේ මුත්‍රායැ යි හෙතෙම පැවසීය. වකුගඩු නළය අතින් අල්ලා විපරමක් කළ වෛද්‍යවරයා නලය ඉදිරියට ඇද්දේය....එපා සර් එපා සර්..රෝගියා හඬ නැගුවේය. කෑගහන්න එපා. තමුසෙට තවදුරටත් ඔය රඟපෑම කරන්න ඉඩදෙන්න බැ. තමුසෙට ඇති වකුගඩු අක්‍රියයක් නැහැ...... තමුසේ ජනතාව රවටනවා. කියා එම බටය ඇද දැමීය. සේලයින් බෝතලයකින් සහ නලයක් දිගේ රතු පැහැති සායම් මිශ්‍රකළ ජලය ගලායන්න සලස්වා ඇති බව කාටත් දැකගන්නට හැකිවිය. මෙහිදී රැස්ව සිටි පිරිස් ‘අන්න සර්..වැඩේ සර් මේ කපටියාගේ හොර වැඩේ හෙළිකළා. අපි මේකා පොලිසියට ගෙන යනවා යැයි කියා සේලයින් බෝතලයද බටයද සමග ඔහුව රැගෙන ගියේය. වෛද්‍යවරයා කළ ක්‍රියාවට කවුරුත් ප්‍රසංශා කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා