ආසියානු කුසලාන තරග පරාජය වෙහෙස නිසා නොව අපේ වැරදි නිසායි

ශ්‍රී ලංකා බංග්ලාදේශ ගැටුම අදයි

ආසියානු කුසලාන තරග පරාජය වෙහෙස නිසා නොව අපේ වැරදි නිසායි

- නායක මහේල ජයවර්ධන

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ආසියානු කුසලාන තරගාවලියේ 6වැනි තරගය බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී අද පස්වරු 1.30ට ආරම්භ වේ. අවසන් තරගයට පෙර පැවැත්වෙන මේ තරගයේ ප්‍රතිළුලය බංග්ලාදේශයට ඉතා වැදගත් එකකි. අද තරගයෙන් බංග්ලාදේශය ජය වාර්තා කළහොත් ඉන්දියාවට අවසන් තරගය අහිමි වේ. ඉන්දියාවේ හා බංග්ලාදේශයේ ලකුණු සම වුවහොත් පෙර තරගයේදී (ඩඥචඤ බධ ඩඥචඤ) බංග්ලාදේශයට, ඉන්දියාව පරාජයවූ හෙයින් ඉන්දියාවට අවසන් සටනට පිවිසීමේ අවස්ථාව අහිමි වනු ඇත. දැනට නිමාවූ තරග අනුව පාකිස්තානය ශ්‍රී ලංකාව සමග තරගයේදී ලබාගත් ප්‍රසාද ලකුණත් සමග ලකුණු 9ක්,ඉන්දියාව ලකුණු 8ක් හා බංග්ලාදේශය ලකුණු 4ක් ලබා සිටිති. අද තරගයේදී ශ්‍රී ලංකාව ජය ලැබුවහොත් පාකිස්තානය සමග අවසන් තරගයට පිවිසීමේ දොරටු ඉන්දියාවට විවර වේ.

කෙසේ වුවද අද තරගයේදී බංග්ලාදේශයට ඉතා හොද සටනක් දීමට තම කණ්ඩායම සූදානම් බව නායක මහේල ජයවර්ධන ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ තනතිල්ල පිතිකරුවන්ට ඉතාම යෝග්‍ය එකක් බව පැවැසූ මහේල අද තරගයේදී දග පන්දු යවන්නෙකුට තවත් අවස්ථාවක් ලබා දීමට අපේක්ෂා කරන බව සදහන් කළේය. තනතිල්ල පරික්ෂා කිරීමෙන් අනතුරුව ඒ පිළිබද අවසන් තීරණයකට එළැඹෙනු ඇත.

මහේල ජයවර්ධන ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ඊයේ පුහුණුවීම්වල නිරතව සිටි අයුරු.

ඡායාරූපය-ප්‍රින්ස් ගුණසේකර

පාකිස්තානය හා ඉන්දියාව අතර ඉතා හොද තරගයකින් පාකිස්තානය පරාජය වීම ශ්‍රී ලංකාවට අවසන් තරගයේ බලාපොරොත්තු අතහැර දැමට සිදුවූ ආසන්නතම සිදුවීම විය. පාකිස්තානය මුලින් පන්දුවට පහරදී ලකුණු 329ක් ලබාගත් අතර විරාට් කෝලිගේ සුපිරි ලකුණු 183 සමග පන්දු 13ක් ඉතිරිව තිබියදී ඉන්දියාව ජය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුල්වරට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් නොලැබූ මුල්ම අවස්ථාව මෙය වේ. එවැනි ඉරණමක් ආසියානු කුසලානය සිවුවතාවක් දිනාගත්, පසුගිය ලෝක අනුසූරයන්ට අත්වූයේ ඇයි දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහේල පැවැසූවේ ලෝක අනුසූරයන් වූයේ මෙයට වසරකට පමණ පෙර බවය. "ඉන්දියාව ලෝක සූරයෝ වෙලා ඉන්පසුව පැවැති තරග කොපමණ පරාජය වුණාද?” මහේල පෙරළා ප්‍රශ්න කළේය. ඕනෑම කණ්ඩායමක් වැරැදි කළ විට තරග පරාජය භාර ගත යුතු බව මහේල ගේ අදහස විය.

“එක දිගට ක්‍රිඩාකර ඇතිවූ වෙහෙසකර තත්ත්වය තරග පරාජය වෙන්න එකම හේතුව නොවෙයි. පන්දු යැවීමේදී හා පන්දුවට පහරදීමේදී අපේ අතින් ගොඩක් වැරැදි සිදුවුණා. මේ වගේ කෙටි තරගාවලිවලදී හැම තරගයක්ම ජය ගැනීම වැදගත්. අපි කළින්ම දනගෙන සිටියා මේක වෙන බව. අපි අලුත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ආදේශ කළා. තුන් ඉරියව් ක්‍රීඩකයන් ආබාධ වුණාම අපේ සංයුතිය ගොඩක් වෙනස් වුණා.” මහේල ජයවර්ධන පැවැසීය. ලෝක සූර ඉන්දියාව මේ තරගාවලියේදී පරාජයට පත් කළ බංග්ලාදේශය ඉතා හොද මානසික මට්ටමක සිටී. ඔවුන්ගේ දකුණත් වේග පන්දුයවන ක්‍රීඩක ෂෆිකල් ඉස්ලාම් ආබාදයකට ලක්ව සිටී. ඒ වෙනුවට නවක ක්‍රීඩකයෙකුට අවස්ථාව උදාකරදීමට බලාපොරොත්තුවෙන් සිටී. මෙවර තරගාවලියේදී තරග දෙකකදී අර්ධ ශතක දෙකක් සමග ලකුණු 134ක් ලබා සිටින තමීම් ඉක්බාල් හා ෂකීබ් අල් හසන් කෙරෙහි බංග්ලාදේශය වැඩි බලාපොරොත්තු තබා සිටී.

“අපේ ක්‍රීඩකයන් ඉතාම හොද සූදානමකින් පසුවෙනවා. අපේ එකම බලාපොරොත්තුව ශ්‍රී ලංකාව පරදා අවසන් තරගයට ඒමයි. ඒක අපේ රටේම පැතුමයි. නායක මුෂ්ෆිකර් රහීම් පැවැසීය.

බංග්ලාදේශය අද තරගය පැවැත්වෙන මීර්පූර් ක්‍රීඩාංගණයේ එක්දින තරග 49කට ක්‍රීඩා කර තරග 20ක ජය වාර්තා කර තරග 29කින් පරාජයවී ඇත. ශ්‍රී ලංකාව මේ ක්‍රීඩාංගණයේ තරග 10කට සහභාගීවී තරග 6ක් ජය ගෙන තරග 4ක් පරාජයවී ඇත. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මීර්පූර්හී 2009දී පැවැති තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 5ක ජයක් අත්වීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා